පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට…

January 15, 2021 at 8:40 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු වීමෙන් පසු ඇති වූ බහින් බස් වීමකින් පුද්ගලයෙකුට පහර දුන් බවට එල්ල වන චෝදනා මතයි.

මන්ත්‍රී පුත්‍රයාගේ මෝටර් රථය මහරගම නගරයේ දී තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදු වී ඇත.

අනතුරුව දෙපාර්ශ්වය අතර සිදුවූ බහින් බස් වීමකින් පසු මෙම පහරදීම සිදු කර තර්ජනය කර ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇත.

අනතුරින් කිසිවෙකුට තුවාල සිදුවී නැත.

66,220 views

5 Comments to “පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට…”

  1. ගන්ජ බන්ඩා says:

    බැරි වෙලාවත් වෙදා ඇමටි වෙලා හිටියා නම් කොහොම තියෙය්ද?

  2. Rohan says:

    මන් මේ දැන්නැති නිසා අහන්නේ.

    මේ වගේ බහින් බස් වීමකදී කවුරු හරි මගේ අම්ම මතක් කරලා මට කුණු හරුපෙන් බැන්නොත් (මන් ඌට හොඳින් කතා කලත්) ඌට පාරක් ගහන්ඩ නීතියෙන් ඉඩ නැද්ද?

  3. අතුලසෞදි says:

    අම්මා මතක් කලත් ගහන්න හදන රටේ ඇයි මෙච්චර වැඩිහිටි නිවාස?

  4. අතුලසෞදි says:

    වියයුත්ත වෙමින් පවති. තරාතිරම නොබල නම් සමග සිද්ධිය වාර්තා කිරීම .

  5. Sun says:

    Some big people do not obey the law of the country thinking that they are so powerful. That is the misconception and the country is still falling down due such people in the administration.

Main News