පාර්ලිමේන්තු මන්ත‍්‍රීලාට බදු සහන වාහන බලපත‍්‍ර..

September 18, 2020 at 5:30 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රීලාට බදු සහන වාහන බලපත‍්‍ර..

පාර්ලිමේන්තුව තේරී පත්වූ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සදහා වන කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ අනුව අලුතෙන් පාර්ලිමේන්තුවට මෙවර පත්වූ මන්ත්‍රීවරුන් 79 දෙනෙකුට වාහන බලපත්‍ර මුලින්ම ලබා දීමට සූදානම් වෙමින් ඇත.

සෙසු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ඉන් අනතුරුව නිකුත් කිරීමට නියමිතව තිබේ.

ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ වැටුප් වාර්තා හා අනෙකුත් තොරතුරු මේ දිනවල එක්රැස් කරමින් සිටී. මෙම

වාහන බලපත්‍රය වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවා යයි.

දැනට ලංකාවට වාහන ගෙන්වීම අත්හිටුවා ඇති නිසා මෙරට ඇති වාහනවලින් වාහන මිලට ගැනීමට හෝ ආනයන තහනම ඉවත් කළ පසු අළුත් වාහන ගැනීමට අවස්ථාව එමගින් මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමිවෙයි.

මේ සඳහා කැබිනට් පත්‍රිකාව නොලැබීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

34,807 views

17 Comments to “පාර්ලිමේන්තු මන්ත‍්‍රීලාට බදු සහන වාහන බලපත‍්‍ර..”

  1. වන්නියා says:

    ඈ ආයිබෝං , ඒ බෝතලේ එව්වත් අර රහ ම නොවෑ .

  2. Wimal says:

    පුදුම කල කිරීමක් දැනෙනවා. අපි ගෙදරින් ගෙදරට ගිහින් මේවට විරුද්දව කතා කරලා චන්දෙ අරන් දුන්නේ. දැන් අරුන් අපට පස්ස පැත්තෙන් හිනා වෙනවා. බලාගෙන යනකොට අපියි මෝඩයෝ. දේශපාලනය එපා වෙනවා.

    • sudaththa says:

      Punnakku tikak kala ithuru avurudu paha nadaganin. tho jeppek neda. ape sir apita honda, ape gonnu apita honda.

  3. 🤣🤣🤣🤣🤣😂😂😂

  4. උක්කුං මල්ලී says:

    එක රටක් එක නීතියක්.

Main News