පාර්ලිමේන්තු සටන සූදානම්.. කරූ කතානායක ධුරයෙන් අස් නොවෙයි..

November 27, 2019 at 6:31 am | lanka C news
පාර්ලිමේන්තු සටන සූදානම්.. කරූ කතානායක ධුරයෙන් අස් නොවෙයි..

කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි මාස 04ක කාලය තුළ එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇතැයි කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

කරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන් ඉවත් වීමෙන් හෝ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පමණක් කථානායක ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විශ්වාසභංගය යෝජනාවක් ගෙනවිත් සම්මත කර ගැනීමට තරම් බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළ නොමැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් ඉවත්වීමට තීරණය කර නොමැති බැවින් ඉදිරි මාස 04 තුළදී එම ධුරයේ වෙනසක් සිදුනොවන බවද එම ප්‍රකාශකයා පැවසීය.

මේ අතර ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව වාරාවසාන කළද කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරගෙන යායුතු බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වේ.

අභිනව පාර්ලි‌මේන්තුවක ප්‍රථම රැස්වී‌මේදී ‌හෝ තනතු‌රේ පුරප්පාඩුවක් පැනනැගුණු කල්හි පාර්ලි‌මේන්තුවේ ස්ථාවර නි‌යෝග අංක 04හි සඳහන් කාර්ය පටිපාටිය අනුගමනය කරමින් කථානායකවර‌යෙකු පත්කර ගනු ලැබේ.

කථානායක ධුරයට යම් මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කිරීමට වෙනත් මන්ත්‍රීවරයකුට හැකියාව තිබෙන අතර, කථානායක ධුරය සඳහා එකකට වැඩි නම් සංඛ්‍යාවක් ‌යෝජනා ‌කොට ස්ථිර කරනු ලැබ ඇත්නම් ඡන්දය විමසිය යුතු බවද ස්ථාවර නි‌යෝග අංක 04 හි වැඩිදුරටත් සඳහන් වේ.

– ada

189 views

17 Comments to “පාර්ලිමේන්තු සටන සූදානම්.. කරූ කතානායක ධුරයෙන් අස් නොවෙයි..”

  1. ExUNPer says:

    Ranil proved that he is far sighted, and gentleman…..and resigned with respect.
    I hope Karu would follow the same and keep his good name – or loose everything he earnt for being crazy for 4 months.

    • Rata Wenuwen says:

      තත්වය එසේ නම්, කිහිළි’කරු’ නොහොත් නරුම ‘කරු’මයාට හබේශ්මතමයි

      • Dubba says:

        රනිල් දන්නවා කරුවා ගියොත් මිනිහට විපක්ෂ නායක කම නැහැ කියලා. රනිල් බොරු මහත්තය කම පෙන්නලා ගියා. නමුත් කරුවට ඉන්න කියන්නෙත් රනිල්. මොකද මිනිහගේ ඇමැති බලතල තියා ගෙන විපක්ෂ නායක කමේ ඉන්න.
        වෙන කෙනෙක් කථා නායක උනොත් කරුගේ ඔය කියන සම්ප්‍රදාය පොදු පෙරමුණ කඩන්න ඕනා. පොදු පෙරමුණ එදා විරුද්ධ උනෙත් ඔය කියන සම්ප්‍රදායට.

    • Victor says:

      Ranil, gentleman ? Those two ‘words’ can’t even be in the same sentence.

    • Herath Banda Karaliyada says:

      Do not believed and trust that UNP political leaders of Ranil Wicka and Karunarntha Jaysooriya.
      They(UNP) are liars of every field of life.
      They are not gentleman nor wise politician of UNP…..country.

  2. Addma says:

    U are gentlemen we think..gota pesident ta rata hadanna support karanna pls . Mass thumata balaye hitiyoth rata wetuna thenin ganna amrui.pls resign sir

  3. Janam says:

    Well! they are carrying the UNP to the grave. We ll see in the next election. RIP UNP.

  4. kamal says:

    විමල්ගෙ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය බහුතරය වන සිංහල බෞද්ධ නියෝජනය ජවිපෙ නැ. නමුත් කථා කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන

    • U.N.J.V.P says:

      Jeppo kiyanne vandavee yana sathwa kottasayak.

      Rathu daththa pothata nama athul karala sanrakshanaya karalawath munwa bera ganna be.

  5. Dilshan says:

    Yes Karu Jaysooriya is a dirty man
    He knows pretty well that his party got no majority of people’s approval.but the man is hanging on to this post becuse they want to misuse the powers vested in the post against peoples will.
    If Karu Jaysooriya is such a clean man he would have resigned by now
    WHAT A DIRTY OLD MAN

  6. Ratnamalala says:

    පක්ෂග්‍රාහී කතානායක.සිල්රෙදි පොරවාගත්තු වූර්කයෙක් .

    • ලමයා says:

      සජිත්ට විපක්ශ නායකකම දී ඔවුන්ගේ සහය ගෙන කරුවා පන්නන්න බැරිද ?

  7. Nuwan Hettiarachchi says:

    Good. Stay for next 04 months. We will deal with you in election. Will loose rest of voter base also.

  8. Angoda Buva says:

    මහත්මා ගති බලාපොරොත්තු විය හැක්කේ මහත් වරුන්ගෙන් පමණි.  මහත්හොරුන්ගෙන් එය බලාපොරොත්තු වීම මුලාවකි.

    අද ජාතික ඇඳුම ජනතාව මුලා කරන ආයුධයකි.

    තනතුරු සඳහා අයිති කරුවන් නැති බවත් ඇත්තේ භාරකරුවන් පමණක් බවත් සැම දෙනා තේරුම් ගත යුතුය.

    මේ කරුමයා තවදුරටත් වසර 4 1/2 කට පෙර පත්කල බහුතරයක එල්ලී කටයුතු කිරීමට යාමෙන් වත්මන් ජන වරම හෑල්ලුවට පත් කිරීමට සූදානම් වුවහොත් ඊලඟ මැතිවරණයේදී UNP ඉතිරි කොටසද සහමුලින් වල දමා රට පුරා ජනතාව පාංශ කූලය ලබා දෙනු ඇත.

  9. jayalath says:

    Naki welath tiyena bala tanhawa. janadipthi apekshaka kama th ganna balan hitiye.dan meke ellila innawa.

    dan 80 panala me manusayata. ane mehema tanhawak

  10. සරා says:

    වැඩකට නැති මගුලක්.කතානායක ඔහොම හිටපු ‌ෙදෙන්.තව මාස 3යිනේ.‌ෙමෙිකාලයේ ආන්ඩුව පාර්ලිමේන්තුව තුල ‌ෙලොකු ‌ෙදෙයක් කරන්න යන්නේ නැහැනේ.ඒනිසා ඔය නාකි මගුලට ඔහේ ඉන්න ‌ෙදෙන්න.වැඩකට නැති මගුල්වලට කාලය කාදාන්නේ නැතුව රටට ‌ෙමෙි ‌ෙමොහොතේ කරන්න පුළුවන් වැඩ ‌ෙකොච්චර තියෙනවද?

Main News