පාර්ලිමේන්තු සැසිය අත්හිටුවයි..? පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති වනසන්න තොරතුරු රැස් කරයි..

June 12, 2019 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තු සැසිය අත්හිටුවයි..? පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති වනසන්න තොරතුරු රැස් කරයි..

ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය නිසා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට ඉඩ ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

සැසිවාරය කල් දැමූ පසු සියලු කාරක සභාවක් ඇහෝසි වන බවද මන්ත්‍රීවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

ජනාධිපතිවරයා විසින් තේරීම් කාරක සභාව අත්හිටුවන්නැයි දන්වා තිබියදී එය නොතකා දිගටම පවත්වාගෙන යාම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවද ඔහු පැවසීය.

මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විනාශ කිරීම සඳහා තොරතුරු එක්රැස් කිරීම සඳහා කුමන්ත්‍රණකාරීව පිහිටුවන ලද්දක් බව මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද සදහන් කලේය.

51,840 Viewers

17 Comments to “පාර්ලිමේන්තු සැසිය අත්හිටුවයි..? පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති වනසන්න තොරතුරු රැස් කරයි..”

  1. Dp says:

    උඹලගේ නයි ..උඹලවම කයි ..

  2. ටැෆී says:

    //සැසිවාරය කල් දැමූ පසු සියලු කාරක සභාවක් ඇහෝසි වන බවද මන්ත්‍රීවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.// නැහැ වැරදිියි – සැසිය කල්දැමූ නිසා තේරීම් කාරකා සභාවක් අහෝසි නොවේ

  3. chami says:

    Why these people are scared for the truth. everybody need to take the responsibility for the 21st April incident. End of the day people was suffering for all.

  4. Buruputha says:

    Ai booruvo balagena inne thamuseva vinasha karanavanam oya magul parliament eka visiravanavako.

    • රන්බණ්ඩා says:

      උඹේ නම උඹට නියමෙටම ගැලපෙනවා බොල.
      ගිය අවුරුද්දේ සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවලා ගූ හැලිය නාගද්දි, තෝ මකබෑවිලාද හිටියෙ?

  5. අංකූරා says:

    ජනාධිපති තුමාව විනාශ කරන්න පටන් ගත්තේ 2015 දී, දැන් ඒකෙ අවසාන භාගය තමයි ගත වෙන්නේ !. ඒ සියලුදෙනා ජනාධිපති තුමාගේ විතරක් නෙවෙයි රටෙත් විනාශයේ කොටස්කරුවන් ය!!.

  6. Bandara says:

    එංගලන්තයෙන් ජනපතිට නීති උපදෙස්..
    රනිල් පරාදයි…

  7. සුවර් says:

    ජනාධිපතිවරයා වනසන්න කරුණු තියෙනවා කියන්නේ, ඒ මිනිහා ඇත්තටම ප්‍රහාරය කලින් දැන ඉදලා වසන් කරලා රටටම ද්‍රෝහි වෙලා ????

  8. රන්බණ්ඩා says:

    යහපාලන අම්බරුවන්ට තව විඳවන්න වුණේ නැහැ බොලව්.
    හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට බලාගන්න පුළුවන් වෙයි .

  9. mema 225 denatama ilapathen gahala elawa damum … rata wenasuwa. janathawa duk windinawa. munta raja sepa. yana wahan abalanna gewal balanna. banku ginum balanna sapawewaaaaaaaa

  10. ඩොට්ට. ශාපින් says:

    ඉතිං ශුදේව තමන් වරදක් නොකළ නම් මොනවටද බය වන්න ඕනේ??

  11. Saradiel says:

    දොන් ජුවන් පරදවමු

  12. john the baptice says:

    මහින්දට කලදේ තමන්ට පලදේ

  13. Ariyathilaka says:

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුව සතුය. එය අත් හිටවීමට ජනාධිපතිවරයා විසින් නියෝග කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලය නැත. පාර්ලිමේන්තුව සැසිය අත් හිටවීමට ජනාධිපතිවරයාට බලය ඇත. එසේ වූ පමණින් විශේෂ කාරක සභවක බලය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව බල රහිත වන්නේ නැත.

  14. Gayantha says:

    මේ යකගේ තව වෙන මොනවා වනසන්නද. මිනිහා තනියෙන්ම වනසගෙන තියෙන්නේ. කොන්ඩේ බැදපු චීන්නුන්ට හොදයි මේ යකගේ කෝල්ම් සහ මේකට කඩේ යන මෝඩයන්ට.

  15. Gayantha says:

    තමන්ගේ තනතුරේ බලතල හරියට තෙරෙන්නේ නැති දන්නේ නැති මනුස්සයෙක් රටක් වනසමින් යනවා.

  16. කසුන් says:

    ආණ්ඩුවට එරෙහි විශ්වාසබංගයත් එකෙන්ම අහොසී නේ
    පර්ලිමේන්තු සැසිය කල්තැබිමෙන්

Main News