පාර්ලිමේන්තු සැසිය අවසන් කරයි.. ?

November 25, 2019 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තු සැසිය අවසන් කරයි.. ?

මේ මස අවසානයට යෙදී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයෙන් පසු වර්තමාන පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරනු ඇත ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

එසේ අවසන් කිරීමෙන් පසු නැවතත් දින දහයකින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරනු ඇති බව ද එකී ආරංචි මාර්ග සඳහන් කරයි.

නව සැසිය ආරම්භයේ දී ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව සිදු කිරීමට නියමිතව ඇත.

මීලගට පාර්ලිමේන්තුව රැස්වීමට ඇත්තේ දෙසැම්බර් 3 වැනිදා පස්වරු එකට වන අතර එදින පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමෙන් පසු දෙසැම්බර් මස 12-13 වන විට නව සැසිවාරය ආරම්භ කරනු ඇති බවද වර්තා වෙයි.

නව සැසිවාරය ආරම්භ කරන දිනයේම පාර්ලිමේන්තුවේ සභා නායක ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක විපක්ෂ නායක විපක්ෂයේ සංවිධායක ඇතුළු ප්‍රධාන තනතුරු සඳහා පත් කිරීම සිදුකිරීමට නියමිතය.

එමෙන්ම කථානායක කරු ජයසූරිය මහතා ධූරයෙන් ඉල්ලා අස් වුවහොත් නව කථානායකවරයෙකුද පත්කර ගැනීමට නියමිතව තිබේ.

177 views

2 Comments to “පාර්ලිමේන්තු සැසිය අවසන් කරයි.. ?”

  1. Gonsun says:

    Para Unp karayan part demuwoth, mahaparata edala damu.

  2. unp says:

    unp will solve their problems..and also if sajith need he should make a new party..shut your mouth and sleep…you are so uneducated..

Main News