පාර්ලිමේන්තු සැසිය අවසන් කරන්න සූදානම්..

November 28, 2019 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තු සැසිය අවසන් කරන්න සූදානම්..

වත්මන් පාර්ලිමේන්තුව සැසි වාරය වාර අවසාන කිරීමක් සිදු කිරීමට සූදානම් බව රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඒ අනුව නව සැසිවාරය දෙසැම්බර් මස 10-12 අතර දිනෙක දී ආරම්භ වනු ඇතැයිද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මේ වන විට පාර්ලිමේන්තුවේ කතානායක දුරය ගැන ප්‍රශ්නයක් නැති බවත් තමන් එම අදහස අතහැර දැමුවත් කරු ජයසූරිය මහතා ඉදිරි කාලයේ දී ද එම ධුරයේ සිටිනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

28,929 Viewers

2 Comments to “පාර්ලිමේන්තු සැසිය අවසන් කරන්න සූදානම්..”

  1. dubba says:

    සජිත් කල යුතු හොඳම දේ මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරුවන්න හෝ කථා නායක වෙනස් කරන්න සහාය දෙන එක. පොදු ජන පෙරමුණ ඉතා සාධාරණව බහුතරය සිටි පක්ෂයට විපක්ෂ නායක කම ඉල්ලා සිටියත් එය නොදුන් කෙනා කරුයි. පොදු පෙරමුණ විපක්ෂ නායක තනතුර සම්බන්ධව එදා සිටියේ සජිත් පිල අද සිටින ස්ථාවරයේයි.

  2. David Milli-banda says:

    Can Sajith remember, how Karu confered the Opposition leadership to Sampanthan denying the UPFA
    It is this same Karu who is denying you.

    Sajith, you never spoke against Karu saying it was wrong. What difference does it make today.

Main News