පාර්ලිමේන්තු සැසිය අවසන් කරයි.. ගැසට්ටුව ජනපති ආ පසු..

November 29, 2019 at 5:30 pm | lanka C news
පාර්ලිමේන්තු සැසිය අවසන් කරයි.. ගැසට්ටුව ජනපති ආ පසු..

මෙම පාර්ලිමේන්තුව සැසිවාරයක් දෙසැම්බර් මස 01දා හෝ 02දා ජනාධිපතිවරයා විසිනි වාර අවසාන කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

නව පාර්ලිමේන්තු සැසිය දෙසැම්බර් මස 12 වැනි දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වනු ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය.

නව සැසිවාරය ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජාසන කථාව සිදු කරනු ඇති බව ද වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව ආරම්භ නැවත රැස්වීමට නියමිතව තිබුණේ දෙසැම්බර් 3 වැනිදා ය.

මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත මෙරටට පැමිණි පසු පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇති බවද දැනගන්නට ඇත.

25,954 Viewers

One Comment to “පාර්ලිමේන්තු සැසිය අවසන් කරයි.. ගැසට්ටුව ජනපති ආ පසු..”

  1. NAK says:

    SLPP must be careful on this, can the throne speech be defeated in parliament any more?

Main News