පාර්ලිමේන්තු සේවකයෙක් හදිසියේ මියයයි.. කොරෝනා පරීක්‍ෂාවක්..

November 2, 2020 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තු සේවකයෙක් හදිසියේ මියයයි.. කොරෝනා පරීක්‍ෂාවක්..

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සහකාර අරක්කැමියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබේ.

පාර්ලිමේන්තුවේ සේවය කරමින් සිටියදී පසුගිය දා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් මත රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මියගොස් තිබිණි.

ඔහු මියයෑමෙන් පසු දේහය කොරෝනා පරීක්ෂණයට ලක් කර තිබූ අතර ඔහුට කොරොනා වෛරසය ආසාදනය වී නැතැයි ඉන් හෙලි වූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පොලිස් මෘත ශරීරාගාරයේ තිබූ දේහය නිදහස් කිරීමෙන් පසු අවසන් කටයුතු ඊයේ දිනයේ සිදු කළ ලද බවත් ඒ මහතා පැවසීය.

මෙම පුද්ගලයා හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසන බවද වේත්‍රධාරියා සඳහන් කළේය.

69,501 views

4 Comments to “පාර්ලිමේන්තු සේවකයෙක් හදිසියේ මියයයි.. කොරෝනා පරීක්‍ෂාවක්..”

  1. Sirimal says:

    Covid infect wunamat heart attack hadenawa kyala Dr kenek TV eke kwwa
    Me aththammay

  2. චීන පටස් says:

    රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කටවල් වහගෙන හිටියනං මාර්තු ඉදලා මේ වෙනකොට උඹලා මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා.
    මුං බය නැතුව ඒකාධිපති තීරණ වලට විරැද්ද උන නිසා තමයි මාර්තුවෙ රට ලොක්ඩවුන් කරලා මේ වසංගතේ පාලනය කලේ.
    ඊට පස්සෙත් මුං කට කැඩෙනකං කිව්වා රටේ තැනින් තැන අහඹු පරීක්ෂණ කරන්න කියලා.
    ඡන්දෙ තියන්න ඕනා නිසා ඒක කලේ නෑ.
    දැං ඉතිං කෙලවිලා ඉවරයි.

  3. soootin says:

    Hayyo Negativ Da ? man Hituwe Suba Aranchiyak Kiyala

  4. Deaths says:

    Deaths without apparent causes everywhere, from that reporter of MIG scam to Thondaman to OICs to Parliament, could one family be behind all of these deaths? Something to amuse your mind , give a second thought..

Main News