පාර්ලිමේන්තු සේවා ඥාතියෙකුට කොරෝනා.. සේවා අංශය වසා දමයි..

October 8, 2020 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තු සේවා ඥාතියෙකුට කොරෝනා.. සේවා අංශය වසා දමයි..

පාර්ලිමේන්තු සේවා අංශ සේවකයෙකුගේ සමීපම පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කතානායක මහින්ද යාපා මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පාර්ලිමේන්තු සේවා අංශයේ සේවකයෙකුගේ පවුලේ ඥාතියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

ඒ අනුව එම ගොඩනැගිල්ලට කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ ලබා නොදීමට තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය සදහන් කරන්නේ අදාල සේවකයාගේ ඥාතියකුට කොරෝනා ආසාදිත බව තහවුරු කර නැති බවයි.

35,858 views

2 Comments to “පාර්ලිමේන්තු සේවා ඥාතියෙකුට කොරෝනා.. සේවා අංශය වසා දමයි..”

  1. කාන්තාර පළඟැටියා says:

    ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ඇතැම් රහස් ගණුදෙනු පාර්ලිමේන්තු වැසිකිලිතුල සිදු විය හැකි බැවින් සියළුම වැසිකිලි සීල් තැබිය යුතුයි.

  2. Deshapremi says:

    Aiyooooo….. Keliya Thappeta..

Main News