පාර්ලිමේන්තුවට නැතත් ගුවන්සේවා අධිකාරිය වාහන කුලියට ගනී.. වාහනවල වටිනාකමටත් වඩා කුලිය වැඩියි..
January 23, 2017 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා කල්බදු ක්‍රමය යටතේ වාහන ගැනීමේ තීරණය අත්හිටුවා තිබියදී එම තත්වයද නොතකමින් සිවිල් ගුවන් සේවා අධිකාරියට කල්බදු ක්‍රමය යටතේ වාහන 05ක් ලබාගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ මූල්‍ය අංශයේ ඉහළ නිලධාරියකුට හිතවත් පුද්ගලික ආයතනයකිනි.
මසකට රුපියල් 150,000ත් – 190,000ත් අතර මුදලකට වසර 05ක කාලයක් සඳහා මෙම වාහන 05 ලබාගෙන තිබෙන බවත් ඉදිරියේදී තවත් වාහන ලබාගැනීමට නියමිත බවත් සඳහන්ය.
නිසි ගිවිසුමකින් තොරව සිදුකොට ඇති මෙම ගණුදෙනුව මගින් ලබාගෙන ඇති මට්ටමේ වාහනයක් රුපියල් ලක්ෂයකට වඩා අඩු මුදලකට ලබාගත හැකි නමුත් එම වාහන සඳහා එතරම් මුදලක් වැයකොට ඇත්තේද අධිකාරියේ වාහන අවභාවිතයට මෙන්ම ලැප්ටොප් වංචාවට සම්බන්ධ නිලධාරියාගේ උවමනාව මත බව අධිකාරියේ සේවකයෝ පවසති.
මෙම වාහන වසර 05ක් ගිය කල්හි අදාළ බදු ලබාගත් ආයතනයට ලබාදිය යුතු බවත්, එම කාලය තුළදී එක් වාහනයක් වෙනුවෙන් ආසන්න වශයෙන් ලක්ෂ 90ත් 98ත් අතර මුදලක් ගෙවීමට සිදුවන බවත් ඔවුහු වැඩිදුරටත් පවසයි. නමුත් ලබාගෙන තිබෙන වාහනයක වටිනාකමද ලක්ෂ 90ත් 100ත් අතර මුදලක් බවත්, මෙය අධිකාරියේ මුදල් නාස්ති කිරීමක් බවත් එම පිරිස් පෙන්වා දෙති.
කල්බදු ක්‍රමය යටතේ ලබාගන්නා වාහන, දැනට ආයතනය විසින් වසර 05කට අඩු කාලයකදී මිලදී ගත් වාහන සඳහා ආදේශ කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා නොමග යවමින් අදාළ වාහන 10 විකුණා දැමීමට සැලසුම් කර තිබෙන බවත් සේවකයෝ කියා සිටිති.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මැදිහත්වී වහාම මෙම ක්‍රියාව නවතා දමා දැනට ලබාගෙන තිබෙන වාහන 05 පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර, වැරදි කර ඇති නිලධාරීන්ට දඬුවම් ලබාදෙන ලෙසද අධිකාරී සේවකයෝ ඉල්ලා සිටිති.
– මංජුල
SLTDA(srilanka tourism development authority) akatath me widiyata rhamai wahana ganna yanne .me genath hoyanna.apita kiyanna kenek ne.