පාර්ලිමේන්තුවට බෝම්බ ගමන විමල්ගේ කතාවට වාසුගේ විරෝධය.. එක්බද්දය බලය බෙදන්න පක්‍ෂයි..

October 24, 2017 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තුවට බෝම්බ ගමන විමල්ගේ කතාවට වාසුගේ විරෝධය.. එක්බද්දය බලය බෙදන්න පක්‍ෂයි..

නව ව්‍යවස්ථාව 2/3කින් සම්මත වුවහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය අනුමත කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

වරද ඇත්තේ පාර්ලිමේන්තුවේ නොව මහජන ඡුන්දෙයන් පාර්ලිමේන්තුවට ගොස් සිටින මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනවරම නොතකා ආණ්ඩුවේ කුමන්ත‍්‍රණයට හවුල් වීම බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඒකීය රටක් තුල පළාත් සභාවන්ට බලය බෙදීමකට තම පක්‍ෂය එකග බවත් ඒකාබද්ද විපක්‍ෂයේ ස්ථාවරයද එයම බවත් නානායක්කාර මහතා කියයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේ බොරැුල්ලේදී පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුව අමතමිනි.

22 views

6 Comments to “පාර්ලිමේන්තුවට බෝම්බ ගමන විමල්ගේ කතාවට වාසුගේ විරෝධය.. එක්බද්දය බලය බෙදන්න පක්‍ෂයි..”

  1. yyy says:

    බලය බෙදීමට සුදුසුම ඒකකය “දිස්ත්‍රික්ක”. හැබැයි ඉඩම් සහ පොලිස් බලතල ආණ්ඩුව සතුවිය යුතුයි. උතුරු පළාතේ ජනගහනය සංකේණ්ද්‍රනයවෙලා තියෙන්නේ යාපනය දිස්ත්‍රික්කයට. උතුරු පළාතේ අනිත් දිස්ත්‍රික්ක, සාපේක්ෂව ජනශුන්‍ය ප්‍රදේශ. රටේ ජනගහනය ව්‍යාප්ත්වීමේදී මිනිස්සු ඒවායේ පදිංචිකරන්න සිදුවෙනවා. යාපනයේ පදිංචිවෙලා සිටින කුඩා දෙමල ජනගහනයකට, මුළු උතුරු පළාතේම භූමියේ අයිතිය පැවරීමට කොහෙත්ම ඉඩක් නෑ.

    වාසුදේවලා වගේ ගණිත දැනුම අඩු පුද්ගලයින්ට, භූමි ප්‍රමාණය, ජනගහනය, ජන ඝනත්වය වගේ සංකල්ප පිළිබඳ අවබෝධයක් නෑ. ඒ අය හිතන්නේ භාෂාවේ වචන වලින් විතරයි. (They can understand qualitative aspects only. Unable to think about quantitative aspects.)

  2. අප්පුහාමිගේ මුණුපුරා says:

    මට කියහල්ලකෝ දැන් ඔය බලය බෙදල මොකද්ද කරන්න යන්නේ. බලය නොබෙද උන්න කාලේ දෙමල මුස්ලිම් උන් මීටත් ඉහලින් උන්නේ නැද්ද. හමීඩ් ලා, කබීර් හෂිම්ලා, ශිවා පසුපති ලා, ප්‍රනාන්දුපුල්ලේලා , දොරේ අප්පලා, උදා හරණ එමටයි

    අනික එහෙම බලය බෙදුවට මුන් කොළඹීන් යාපනේට මඩකලපුවට යනවද…? අපේ එවුන්ට කොළඹ බිස්නස් කරගන්න දීල

  3. Simion says:

    Gahanawanam boombyak mun dennath innakota gahanna one .

  4. Notthischange says:

    Wasu is applying to be at home in next election, it seems…

  5. sara says:

    අනේ වාසෝ වරෙන්කො බලය බෙදන්න. තොපිලගේ ගොන් ඒකාබද්දේ හිතන දේවල් කරන්න වෙන්නේ නෑ.

  6. chaminda madawala says:

    පුංචිම පුංචි රටකට මොන බෙදීමක්ද? දෙමළට කොළබත්, සිංහලයට යාපනෙත් ජීවත් වෙන්න දෙනවා කියන්නේ එකයි නිතිය. ඕක සාමාන්‍ය දෙයක්. එය ඉටුකළ යුත්තේ ලොකු මිනිස්සුයි. එකට නීතී අවශ්‍ය නැහැ. අපි දැනගත යුතුයි අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියලා. නිතිය අපිට දෙන්නේ තව කෙනෙක්. නමුත්, අපේ යහපත් සිතුවිලි අපේ රට රෝස මල් යහනාවක් කරයි.

Main News