පාර්ලිමේන්තුවේ ආණ්ඩු පැත්තේ මුල් පේලි තුනම එල්ලා මැරිය යුතුයි.. වරදවල් මෙන්න..

July 17, 2018 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පැත්තේ මුල් පේලි තුනම එල්ලා මැරිය යුතුයි.. වරදවල් මෙන්න..

‘එල්ලලා මරණවනම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව පැත්තේ මුල්පේලිතුල ඉන්නවා එල්ලලා මැරිය යුතු අය. බටලන්දේ වදකාගාරයේ   හැටදාහක් මරන්න මුල් වෙච්ච මිනිස්සු, අනූ පහ අවුරුද්දේ සාරිපොටේ එල්ලිලා බේරිලා ගියත් හැටදාහක් ජීවිත වලට වගකිව යුතු මිනිස්සු අලුගෝසුවෝ මරා නොදැමිය යුතුද ඉන්නවා පාර්ලිමේන්තුවේ මුල් පේලියේ ආණ්ඩු පක්ෂයේ.එල්ලන්න.අපිත් එනව බලා ඉන්න’ යයි ඒකා බද්ධ විපක්ෂයේ නියෝජය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කීය.

ඒකාබද්ද විපක්ෂයේ ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම දහස් පල කරන ලදී.

මෙම මාධ්‍ය හමුව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් මේනුක දිසානායක මහතා‍ගේ නිවසේදී පැවැත් විනි.

මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රංජිත් සොයිසා මහතා කියා සිටියේ,

‘මේ ආණ්ඩුව මේ කරන්නේ විගඩමක්, බොරුවක්, රගපෑමක්. මරණදඩුවම නීත්‍යාණූකූල කරන්න මේ ආණ්ඩුවට හයියක් නැහැ.ජිනීවා මානව හිමිකම් කොමිසම ඉස්සරහට ගිහිල්ලා පොරොන්දු වෙලා තියනවා අපි ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියල. 2016 අවුරුද්දේ එහෙම කියල 2018 මේක ක්‍රීයාත්මක කරන්න පුලුවන්ද.මේ කරන්නේ ජන මනස අනෙක් පැත්තට හරවන විගඩමක්. වැරද්දක් කරල රටේ පවතින නීතීය යටතේ මරණ දඩුවම හිමිවිය යුත්තෙක් කියල තියෙද්දී ඒක තව එකක් කලොත් එල්ලනවා කියනව. කොහෙද එහෙම නීතියක් තියෙන්නේ.එහෙම නීති සම්පාදනය කරන්න බැහැ

එහෙමනම්, මේ ආණ්ඩුවේ තිබෙන ජාතික සම්පත් විකුණාගෙන කෑමේ වැඩ පිළිවෙල යටතේ මේ වන විට අගමැතිතුමා ප්‍රකාශ කරනවා මත්තල ගුවන්තොට විදේශීය සමාගමකට පැවරීම තුල චීනය ඔවුන්ගේ බල ආධිපත්‍ය පතුරුවන්න හදනවනම්  දකුණු නාවික හමුදා කදවුර හම්බන්තොට වරාය භූමියට ගෙන යනවා කියල ප්‍රකාශයක් කරල තිබුනා.ඔය තත්වය ඔය අනතුර අපි මුල ඉදන් කිව්වා. චීනයට හම්බන්තොට වරාය දීල ඉන්දියාවට මත්තල ගුවන්තොටුපල දුන්නොත් ආසියාවේ බල පෙරලිය අනුව ඉන්දියා හා චීනය අතර ගැටුමක් ඇතිවිය හැකියි කියන එක අපි කිව්වා.අගමැති තුමාම කියනවා අපි ආරක්ෂක හමුදා කදවුරක් හම්බන්තොට තුල ගොඩනගනවා කියල.මේක තමයි බොහොම හාස්‍ය ජනක සිදුවීම.

හම්බන්තොට විකුණලා චෙක් එක ගෙනහැල්ලා මේ වික්ක සල්ලි කියල චෙක් එක රට හමුවේ පෙන්නලා ඒ මුදල් ගෙනහැල්ල බැංකුවේ දාගෙන  දැන් කියනවා හම්බන්තොට වරාය කිසිදු හමුදා කටයුත්තකට පාචිච්චි කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියනවා.

ශ්‍රී ලංකා කොඩියට ජාතියට හිමි ගෞරවය දීල හම්බන්තොට වරායේ  කොඩිය උස්සන්න නොදෙන අය  සාමාන්‍ය ජනතාවට පාසල් දරුවන්ට දැන් හම්බන්තොට වරාය බලන්න යන්න දෙන එක තහනම් කරල.එවැනි තත්වයක් තුල චීනයට හම්බන්තොට වරාය හමුදා කටයුතු වලට උපයෝගී කරගන්න දෙන්නේ නැහැ කියන එක මේක ලොකුම විහිලුවක් අද රට විකුණගෙන  අවසානයි.මත්තල ගුවන්තොටුපල ඉතා හොර රහසේ දැන් විකුණන්න සියල්ල සූදානම් කරල තියෙන්නේ.

ඉන්දීය ජාතිකයින් ව්‍යාපාරිකයින් ඇවිත් මත්තල ගුවන්තොටුපල නිරීක්ෂනය කරල තියෙනවා මේක අපිට දෙයියෝ දීපු තෑග්ගක් වගේ දෙයක් කියල.දැන් අපිට දැනගන්න තියෙනවා මත්තල ගුවන්තොටුපලේ තියෙන වටිනා යන්ත්‍ර හොර රහසේම ගලෝල ඉවත් කරමින් සිටින බව.ජාතියේ මහා ධන සම්පත ධන නිධානය විකුනන් කන්න වික්‍රමසිංහ ආණ්ඩුව සියල්ල සූදානම් කරල.දැන් කියනවා අපි දෙන්නේ නැහැ අපේ බලය අපි පතුරුවනවා හම්බන්තොට කියල.

මුලු දකුණම අස්ථාවරයි. රටම අස්ථාවරයි ආර්ථික මර්මස්ථාන විකුණා දැමීම හරහා. රටේ බරපතල ප්‍රශ්ණයක් ඇතිවෙලා තිබෙනවා .ඉදිරියේදී ආසියාවේ බලවතුන් අතර යම්කිසි ගැටුමක් බල පොරයක් ඇති වුවහොත් ඒ බල පොරයේ  කෙළි මඩල බවට පත්වෙන්නේ ‍‍ඓෟතිහාසික රුහුණු මාගම්පුර දකුණ. දකුණ අස්ථාවරයි රට අස්ථාවරයි.මේ තත්වය තුල අපි ආණ්ඩුවට ප්‍රකාශ කරනව තව අවුරුදු එකහමාරක් ආණ්ඩුවට තියෙනවා ආණුඩුවට මේ රට විකිණීමෙන් වලකින්න’

– දාපනේ  ජයන්ත නානායක්කාර

43 views

4 Comments to “පාර්ලිමේන්තුවේ ආණ්ඩු පැත්තේ මුල් පේලි තුනම එල්ලා මැරිය යුතුයි.. වරදවල් මෙන්න..”

  1. malapuk duminda says:

    ethakota lasantha, thajudeen marapu ewun beranna onada umbe logic ekata anuwa>>>>

    • fass says:

      Ne logic ekata anuwa mulinma 60,000 marapu ewun ellala imu

    • Kamal says:

      ලසන්ත මරවපු හාදයට කැලේ සත්තු ටික බලාගන්න එක බාර දීල නේද?

  2. sinha le says:

    සිංහල අපට තියෙන්නෙ මෙ පුංචි රට විතරයි එක අපි දිවිහිමියෙන් ආරකෂා කොරගමු! යමපාලනය පන්නමු