පාර්ලිමේන්තුවේ කවුරු බහුතරය පෙන්වුවත් මේ ආණ්ඩුවමයි.. අගමැති රනිල්මයි.. – ජනපති කියයි..
January 6, 2017 at 7:46 pm | lanka C news
පාර්ලිමේන්තුවේ කවුරු බහුතරය පෙන්නුවද වත්මන් ආණ්ඩුව වෙනස් නොකරන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
මහනුවරදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ කවුරුන් පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වුවද කතානායකවරයා හා තමන් එකග නොවන්නේ නම් ආණ්ඩුව වෙනස් නොවන බවයි.
එනිසා කිසිසේත්ම ආණ්ඩුවේ වෙනසක් සිදු නොවනු ඇතැයිද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ ප්රකාශය අනුව පැහැදැලි වන්නේ පාර්ලිමේන්තුවේ වෙන කිසිවෙකු විසින් බහුතරය පෙන්වුවත් අගමැති රනිල් වික්රමසිංහම බවයි.