පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්.. මන්ත‍්‍රීනට තුවාල.. රෝහලේ… ක්ලාන්ත වී ඇද වැටීම්..[Video]

January 10, 2018 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්.. මන්ත‍්‍රීනට තුවාල.. රෝහලේ… ක්ලාන්ත වී ඇද වැටීම්..[Video]

අද පාර්ලිමේන්තුවේ කැදවන ලද හදිසි සැසිවාරයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීම ආරම්භ කිරීමත් සමග විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් ඊට විරෝධය පෑමත් සමග ඇති වූයේ උණුසුම් තත්වයකි.

මුලින් විරෝධතා පුවරු ඇතිව ආරම්භ කල විරෝධතාවය පසුව ගුටිබැට හුවමාරුවක් බවට පත්ව තිබේ.

ආණ්ඩුවේ හා විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කුණුහරුපයෙන් බැණ ගත්තේ කතානායකගේ නියෝගයන් නොතකමිනි.

සිදුවීමෙන් සුලූ තුවාල ලද ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදීම ප්‍රතිකාර කර ඇත.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා ක්ලාන්ත වී ඇති වැටී තිබේ. ඔහු රෝහල්ගත කර ඇත.


75 views

26 Comments to “පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්.. මන්ත‍්‍රීනට තුවාල.. රෝහලේ… ක්ලාන්ත වී ඇද වැටීම්..[Video]”

  1. Horaa says:

    නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ රජයක් එක එල්ලේමසම්බන්දවී කරනලද විශාලතම මූල්‍ය වංචාව ලෙස 2015,2016 වසරවල කරන ලද මහ බැංකු බැඳුම්කර වංචාව
    ඉතිහාස ගතවනු ඇත.

Main News