පාර්ලිමේන්තුවේ මහ යුද්දයක්.. එජාපය බැදුම්කර මගඩියක් නෑ කියයි.. අන් සියල්ල විරැද්ද වෙයි.. කෝප් වාර්තාව දෙකඩයි..
October 21, 2016 at 11:20 am | lanka C news
මේ මස 25 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කමිටු වාර්තාවේ අවසන් වාර්තාව සකස් කිරීම ඊයේ මධ්‍යම රාත්‍රිය අසන්න වන තෙක් සිදු වූ අතර එහිදී මහත් ගාලගොට්ටියක් ඇතිව තිබේ.
බැදුම්කර මගඩියක් සිදුව නැතැයි එජාප මන්ත්රිවරැන් කියද්දී විපක්ෂ හා ශ්‍රීලනිප මන්ත්රිවරැන් ඊට විරැුද්ද වීම නිසා අවසන් වාර්තා සකස් කිීම උණුසුම් මුහුණුවරක් ගත්තේය.
හිටපු මහ බැංකු අධිපතිවරයාට පක්ෂපාතීව එජාප මන්ත‍්‍රිවරැුන් දිගින් දිගටම අදහස් පල කර අතර අනෙක් මන්ත‍්‍රිවරැුන් ඊට විරැද්දව අදහස් පලකලහ.
ඒ අනුව 25 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව බෙදුනු වාර්තාවක් වන බව වාර්තා වන අතර එජාප මන්ත‍්‍රිවරැුන් මහ බැංකුවේ හිටපු අධිපතිට පක්ෂවත් සෙසු පිරිස විරැුද්දවත් ලෙස අවසන් වාර්තාව සකසා ඇත.