පාර්ලිමේන්තුවේ සියළු මයික් ගලවයි.. රවිගේ මයික‍්‍රෆෝනය විතරක් වැඩ…

October 20, 2016 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තුවේ සියළු මයික් ගලවයි.. රවිගේ මයික‍්‍රෆෝනය විතරක් වැඩ…

මුදල් ඇමති රවි කරුනානායක විසින් 2017 වසර සදහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නිසා පාර්ලිමේන්තුවේ ක‍්‍රියාත්මක කරන්නේ ඔහුගේ මයික්‍රෆෝනය පමණක් යයි කතානායක කරු ජයසූරිය මහතා සදහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන හා ශබ්ද විකාහණ පද්ධතිය අලූත් වැඩියා කිරීම නිසා මෙසේ කටයුතු කරන්නට සිදුව ඇතැයිද කතානායකවරයා සදහන් කරයි.

ඒ අනුව අද දිනයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුට අදහස් දැක්වීමට නොහැකි වී ඇති අතර අලූත්වැඩියා කටයුතු තවමත් අවසන් නැති නිසා මයික‍්‍රෆෝන ගලවා දමා ඇති බවද කතානායකවරයා කියයි.

45 views

16 Comments to “පාර්ලිමේන්තුවේ සියළු මයික් ගලවයි.. රවිගේ මයික‍්‍රෆෝනය විතරක් වැඩ…”

  1. අප්පුහාමි says:

    මහින්ද රාජපක්ෂ යුගයේ සමස්ථ අයවැයෙන් 2 දශම 4 ක් වෙන් කරනු ලැබුවේ මේ රටේ ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය සඳහායි, ඒ අනුව රුපියල් 350 ට යූරියාත් අනිකුත් පොහොර මිටියක් රුපියල් 1200 කටත් හිඟයකින් බේදයකින් තොරව පොහොර සෑම ගොවි පවුලකටම ලබා දුනි.

    මෛත්‍රී රනිල් ජාතික රජය පැමිණිමත් සමඟ සීඝ්‍ර ලෙස රටේ කෘෂිකර්මාන්තය කඩා වැටෙමින් තිබෙන යුගයක රජය මගින් ලාබදෙන පොහොර සහනාධාර වෙනුවෙන් 2017 අයවැය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත වෙන් කරන ලද මුදල පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 55 සිට 21 දක්වා අඩු කොට ඇත, මේ අනුව පැහැදිලි වනුයේ පොහොර සහනාධාරය නාමික පමණක් අනාගතයට හිමි වන අතර මහින්ද රාජපක්ෂ යුගයේ සමස්ථ අයවැයෙන් 2% දශම 4 ක් ගොවියාට පොහොර සහනාධාරය ලබාදීමට වෙන් කල මුදල ලබන වසරේ 0.4 % [දශම 4] දක්වා අඩු කොට ඇති බවයි,

    • Champa says:

      මේ මොකක්ද? පාර්ලිමේන්තුවේ අපක්ෂපාතීභාවය රකින්න ඉන්න, පාර්ලිමේන්තුවේ මුල් පුටුවට පත් කරපු “සුර දූතයා”, “ඒකාධිපති සාතන්” කෙනෙක් වුනේ කොහොමද?

      කතානායකට ඕනේ විදියට වැඩ කරන්න බැහැ. පාර්ලිමේන්තු සම්ප්‍රදායක් කියලා එකක් තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුලේ මහජන නියෝජිතයන්ගේ කතා කිරීමේ නිදහසට ප්‍රමුඛත්වය ලැබෙන්න ඕනේ.

      මයික්‍රෆෝන් වැඩ කරන්නේ නැත්නම්, පාර්ලිමේන්තු මහා ලේකම් වග කියන්න ඕනේ. පාර්ලිමේන්තු මහා ලේකම් තමයි පාර්ලිමේන්තුවේ ප්‍රධාන පරිපාලකයා (Chief Administrator). එතකොට මහා ලේකම් මේ මයික්‍රෆෝන බාර නිලධාරියාගෙන් නිදහසට කරුණු විමසන්න ඕනේ. මයික්‍රෆෝන් වැඩ කරන්නේ නැත්නම් ඒවා හදනකම් පාර්ලිමේන්තු රැස්වීම් කල් දාන්න ඕනේ. මයික්‍රෆෝන් වැඩ කරන්නේ නැති පාර්ලිමේන්තුවෙන් ඇති වැඩේ මොකක්ද?

      ඔක්කොම මයික්‍රෆෝනේ කැඩිලා මුදල් ඇමතිගේ විතරක් වැඩ කරන්නේ කොහොමද? කොන්ඩේ බැඳපු චීන්නු දැන් ලංකාවේ නැතිබව “හීන් බබා සීයා” මතක තියා ගත්තොත් හොඳයි.

      මේ මහජන නියෝජිතයන් පත් කලේ ජනතාව, තමන් වෙනුවෙන් කතා කරන්න. පාර්ලිමේන්තුවේ කතා කරන එක මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකමක්. ඒකට පහසුකම් සලසන එක කතානායකගේ යුතුකම. ඒකට අකුල් හෙලන එක ප්‍රජාතන්ත්‍ර විරෝධීයි.

      2017 වසර සදහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඉතාම වැදගත්. රටේ ජනතාව වෙනුවෙන් මහජන නියෝජිතයන්ට අදහස් දක්වන්න අයිතියක් තියෙනවා. ඒක මුදල් ඇමතිට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්න තියෙන අයිතියට වඩා වැඩියි.

      කතානායකතුමා, ජනතා පරමාධිපත්‍යය එක්ක සෙල්ලම් කරන්න එපා, තේරුනාද?

      මේ කතානායකතුමා එන්න එන්නම අගමැතිතුමාගේ “වහලෙක්” වෙනවා. මෙතුමාව මේ “වහල් භාවයෙන්” නිදහස් කළා නම් හොඳයි නේද?

  2. පයිතගරස් says:

    ලබන වසරේ අය වැය මේ වන විට ගැසට්කර ඇති අතර ලබන වසර සඳහා රජයේ සමස්ථ වියදම් රුපියල් බිලියන 1819 කි. එයින් 32% එනම් රුපියල් බිලියන 589.9 ක් වෙන්කොට ඇත්තේ ජනාධිපතිවරයාට සහ මුදල් අමාත්‍යවරයාටයි අමාත්‍ය මණ්ඩලයට කැබිනට් අමාත්‍යවරුන් 50 ක් ඇතුලත් වන අතර එයින් 20 දෙනෙකු සඳහා වෙන්කොට ඇත්තේ සමස්ථ අයවැයෙන් 2% ක ප්‍රමාණයකි

  3. පාසැල් සිසුවා says:

    ලබන වසර සඳහා විශාලතම මුදල් කප්පාදුව සිදු කොට ඇත්තේ අධ්‍යාපනයටයි, එනම් 2016 වසරේ රුපියල් බිලියන 185.9 වෙන් කොට තිබුණි.එහෙත් 2017 සඳහා වෙන්කොට ඇත්තේ අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 78.9කි
    එය මේ වසරේ වෙන් කරන ලද මුදලින් 42 % දශම 4කි එනම් ලබන වසර සඳහා 57% දශම 6ක් අඩුකොට ඇති බැව් මේ අනුව පැහැදිලියි

  4. මහාචාර්ය විජේසුන්දර says:

    ජනාධිපති කාර්යාලය වෙනුවෙන් 2017 වසර සඳහා රුපියල් බිලියන 7 දශම 4ක ඉතා විශාලක් මුදලක් වෙන් කොට ඇත, එනම් මේ වසරේ මුදලට වඩා 320% කින් වැඩි වීමකි,හරියටම මේ වසරට වඩා තුන් ගුනයකටත් වඩා වැඩි කොට ඇත. එය 2016 වසරේදි රුපියල් බිලියන 2 දශම 3කි.
    2015 ජනවාරි 8 වෙනිදා විධායක ජනාධිපති ධූරය අහෝසි කොට පාර්ලිමේන්තුව වෙත එම බලය විමධ්‍යගත කීරිම වෙනුවෙන් ජනතාව තිබූ පාලනය වෙනස් කරන ලදි, එහෙත් මේ ආකාරයෙන් විශාල මුදලක් වාර්ෂික වැඩි කොට වෙන්කිරිම තුල විධායක ජනාධිපති තනතුර අහෝසි නොවන බව පැහැදිලිවේ,

  5. DIGA JANTHU says:

    “yahapalanaye “prajathanthra wadaya …..kata nayakage passen berei ayyooo sorisena

  6. සත්‍යපාල says:

    2005 බලයට පත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව පොදු ජන එක්සත් පෙරමුණ රජය රටේ පැවති විශාලතම ත්‍රස්තවාදී යුද්ධය සාර්ථකව කරමිනුත් පොහොර සහනාධාරය විශාල ලෙස වැඩි කරමින් සියලුම ගොවිතැන් සඳහා පොහොර සහනාධාරය නොකඩවා ක්‍රියාත්මක කල අතර තේ පොල් රබර්, කුලුබඩු මෙන්ම එලවලු පලතුරු සහ විසිතුරු මල් වගාවද ප්‍රචලිත කොට කෘෂි ආර්ථිකය හරහා රට ගොඩ නැගීම එම රජයේ ප්‍රධාන කාර්යයක් විය, එම රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සිටිය අතර “අපි වවමු රට නගමු” වැඩපිළිවෙළ ඔහු යටතේ ක්‍රියාත්මක විය,

    මෛත්‍රී රනිල් ජාතික රජය පැමිණිමත් සමඟ පොහොර සහනාධාර හරහා අඩු මිලට පොහොර ගොවියා වෙත ලබාදීම වෙනුවට වී ගොවියා සඳහා පමණක් සහන පොහොර මිටියක් වෙනුවට මුදල් වව්චර් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ වසර වන විට සමස්ථ කෘෂි කර්මාන්තය 17% කින් පමණ පහල වැටි ඇති බැව් මහා බැoකු වාර්තා මගින් පෙන්නුම් කරයි,

  7. හේමන්ත says:

    මෑත කාලයේ පහල වූ පක්ෂග්‍රාහීම කකානායකවරයා…

  8. හේමන්ත says:

    ලංකා ඉතිහාසයේ හිටපු පක්ෂග්‍රාහීම කතානායකවරයා….

  9. බන්ඩා says:

    ඔික තමය් යහපාලන ක්‍රමය

  10. K shantha says:

    Why not remove all cloth worn by govt members and close their eyes with a cloth