පාර්ලිමේන්තුවේ සියළු රූපවාහිනී යන්ත්ර අවහිර කරයි..
November 9, 2018 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති සියළුම රූපවාහිනි යන්ත්ර ක්රියාත්මක වීම දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වෙයි.
ඒවායේ නාලිකා ක්රියාත්මක වන්නේ දහවල් 12.00 සිට 01.00 දක්වා වූ පැයක කාලයේදී පමණි.
පාර්ලිමේන්තුවේ ඇති විශේෂිත පුද්ගලයන්ගේ කාර්යාල වල පවා රූපවාහිනී යන්ත්ර ක්රියාත්මක වන්නේ එම කාල සීමාවේදී පමණක් යයි වාර්තා වෙයි.
මේ තත්වය නිසා පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයා මෙන්ම විදෙස් රාජතාන්ත්රිකයන්ද බොහෝ අවස්තාවල අපහසුතාවයට පත් වන්නේ යයිද පැවසෙයි.
පාර්ලිමේන්තු සේවකයන් රූපවාහිනී නරඹමින් කාලය ගෙවා දමන නිසා මෙම පියවර ෙගන ඇති බව පැවසුවත් තොරතුරු දැන ගැනීමේ පනත පවා ගෙනා පසුගිය ආණ්ඩු කාලයේ මෙම කටයුත්ත කර තිබීම කණගාටුවට කරුණක් යයි ආණ්ඩු පක්ෂ මන්ත්රිවරයෙක් පැවසීය.
මෙය හදිසි තිරනයක් නොවෙ. එසේම මෙ අවස්ථාවෙ ගත් තිරනයක් නොවෙ. පාර්ලිමේන්තු සැසිවාරය සජිවි පෙන්විම පාර්ලිමේන්තු සභාවාර පවතින දිනවලදිආරම්භයේ සිට අවසානය දක්වා විකාශනය වේ. පාර්ලිමේන්තු සභාවාර නොපැවතෙන් දිනවල රාජකාරි වලට භාදා වන නිසා දැනට වසර කිපයකට පෙර දෙපාර්ථමේන්තු ප්රධානින්ගෙ රැස්විමකදි ගත් තිරනයක් පරිදි දිවා ප්රවුර්ති විකාශනය සදහා පමනක් රුපවාහිනි විකාශන නැරබිමේ අවස්ථාව ලබා දිඇත.
මහජනතාව තමන්ගේ වටිනා චන්දය මේ අයට දුන්නේ තමන්ගේ කාර්යන් නිසිලෙස ඉටුකරගැනීමට මිස මේ අයට රූපවාහිනී නරබන්න නොවේ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි බණ්ඩාරනායක තුමාගේ වටිනා කියමනක්
Jayawewa!!!