පාර්ලිමේන්තුව අදත් ඇවිලේ.. ඒකාබද්දයට විරෝදය පා ආණ්ඩුව එලියට යයි.. 21 තෙක් කල් දමයි..
March 10, 2017 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තුවේ අද දිනයේත් ඇති වූ උණුසුම් තත්වක් හේතුවෙන් කතානායකවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය ලබන 21 වන දින දක්වා කල් දමනු ලැබීය.
ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රීවරුන් විසින් ලක්ෂ 48ක් වන තම ඡන්ද දායකයන් වෙනුවෙන් නිසි නියෝජනයක් පාර්ලිමේන්තුවේ ඉල්ල සිටිමින් දිගින් දිගටම අදහස් පල කිරීමට විරෝධය පල කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරු සභා ගැබෙන් එලියට යාමත් සමග කතානායකවරයා විසින් සභාව මෙසේ කල් දමනු ලැබීය.
ඩලස් අලහප්පෙරුම, කෙහෙලිය රඹුක්වැල්ල, විමල් වීරවංශ මන්ත්රීවරුන් තිදෙනාට පාර්ලිමේන්තුවේ අදහස් දක්වන්නට කතානායකවරයා ඉඩ දුන් නිසා සභානායක කිරිඇල්ල, ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක යන ඇමතිවරුන් දැඩි විරෝධය පල කල අතර අනතුරව ආණ්ඩු පක්ෂ කණ්ඩායම සභා ගැබෙන් ඉවත් විය.