පාර්ලිමේන්තුව ඇතුලේත් එලියේත් විරෝධතා.. පොලීසිය සීරුවෙන්..
March 9, 2017 at 1:21 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂයේ නායක ලෙස කටයුතු කරන මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක පාර්ලිමේන්තු තහනමක් පනවා ඇති නිසා එම කාලය තුල ඒකාබද්ද විපක්ෂයේ නායකයා ලෙස මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතාට අවස්ථාව දෙන්නැයි ඒකාබද්ද විපක්ෂය විසින් කරන ලද ඉල්ලීමක් කතානායකවරයා විසින් ප්රතික්ෂෙප කරනු ලැබීය.
ඒත් සමගම ඒකාබද්ද විපක්ෂය විසින් විරෝධතා දැක්වීමත් සමගම පාර්ලිමේන්තුව උණුසුම් තත්වයට පත් විය.
සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් සරසවි සිසු සිසුවියන් පිරිසක් විසින් පාර්ලිමේන්තු වටරවුම ඉදිරියේ විරෝධතාවක යෙදී සිටිති.
ඒ ආසන්නයේ පොලීසිය සූදානමින් සිටී.