පාර්ලිමේන්තුව යළි කැඳවීමේ යටි අරමුණ මෙන්න..

April 24, 2020 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තුව යළි කැඳවීමේ යටි අරමුණ මෙන්න..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ව්‍යවස්ථාව පිළිබඳ විපක්ෂය කියන්නේ බොරු. පිළුණු පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු නෑ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඇතුලත මැතිවරණය පැවැත්විය යුතුයි කියන විපක්ෂය මාර්තු 2 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් මැතිවරණය පැවැත්වෙන්නේ ජූනි 20 නම් මාස තුනක් ඇතුලත මැතිවරණය නොපැවැත්වෙන නිසා විසුරුවා හැරීම නීති විරෝධියි කියා අමුතු තර්කයක් ගේනවා. ඇත්තටම මොකද වුණේ?

මැතිවරණ කොමිසමේ තීන්දුවකින් ජනාධිපතිගේ ප්‍රකාශනය නීති විරෝධි වන්නේ කෙසේද?

මාර්තු 2දා ජනාධිපතිතුමා විසින් නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ප්‍රකාශනයේ අප්‍රේල් 25 දින මැතිවරණය පැවැත්වීමටත් මැයි 14 දින අළුත් පාර්ලිමේන්තුව පළමු රැස්වීම පැවැත්වීමටත් දින නියම කළා. ඒක ව්‍යවස්ථා විරෝධියි නීති විරෝධියි කියලා කවුරුවත්ම කිව්වේ නෑ. පවතින වසංගත තත්වය මත මැතිවරණය පැවැත්වීම කල් දාන්න මාර්තු 19දා මැතිවරණ කොමිසම තීරණය කරනවා. ඒකත් නීති විරෝධියි කියා කවුරුවත් කිව්වේ නෑ. අවසානයේ දී මැතිවරණ කොමිසම විසින් මැතිවරණය පැවැත්වීමට ජූනි 20 දින නියම කරනවා. ඔන්න එතකොට මැතිවරණය පවත්වන්නේ විසුරුවා හැර මාස තුනක් ඉකුත් වීමෙන් නිසා විසුරුවා හැරීම නීති විරෝධියි කියා විපක්ෂය කෑ ගහනවා.

මේක ඉතාම විහිළුසහගත තත්වයක්. විසුරුවා හැරියේ ජනපතිතුමන්. ජූනි 20 කියලා මැතිවරණ දිනය නියම කලේ මැතිවරණ කොමිසම. මැතිවරණ කොමිසම කරපු දෙයක් නිසා ජනාධිපතිගේ විසුරුවා හැරීම නීති විරෝධි වෙන්නේ කොහොමද? එක් අයෙකු කළ දෙයකින් වෙනත් අයකුගේ ක්‍රියාවක් නීතිවිරෝධි වන බව අත්තා මුත්තා කාලයේ දී වත් අහලා තිබෙනවා ද?

පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති බැඳී සිටිත් ද?

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීම පිළිබඳ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ස්ථාන දෙකකයි. ජනපති විසින් හදිසි නීතිය පනවනවා නම් එකී හදිසි නීතිය පැනවීමේ ප්‍රකාශනය විසුරුවා ඇති පාර්ලිමේන්තුව කැඳවීමේ ප්‍රකාශනයක් වන බව ව්‍යවස්ථාවේ 155(4) වගන්තියේ සඳහන් වෙනවා. නමුත් හදිසි නීතිය පැනවීමට තමන් බලාපොරොත්තු නොවන බවත් හදිසි නීතිය නොමැතිව කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීමට තමන්ට පුළුවන් බවත් ජනපතිතුමා පවසනවා. ඒ සම්බන්ධයෙන් එතුමා දැඩි තීන්දුවක සිටිනවා. එහෙම නම් හදිසිනීතිය පනවන්නේ නැතිනම් අනිවාර්යෙන් කැඳවීමේ වගන්තිය කිසිසේත්ම බලාත්මක වෙන්නේ නෑ. හදිසි නීතිය පනවන්නේ නැත්නම් ජනාධිපතිතුමන් විසින් විසුරුවා ඇති පාර්ලිමේන්තුව කැඳවීමට කිසිම නීතිමය බැඳියාවක් නොමැතිබව අප ඉතාම අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. එහෙම තියනවයි කියල කියන අය ඉන්නවනම් අනේ ඕක කොතනද තියෙන්නේ කියලා නොදන්නා අපිටත් දැනගන්න පෙන්වා දෙන්න කියන ඉල්ලීමත් අප කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවීම අවශ්‍ය වන ස්වභාවයේ හදිසි තත්වයක් උද්ගත වී ඇති බවට ජනපති සෑහීමකට පත් වන්නේ නම් පාර්ලිමේන්තුව යලි කැඳවන්න ජනපතිට බලය තිබෙනවා. දැන් රටේ හදිසි තත්වයක් තිබෙනවා ද? උත්තරය ඔව්. කොවිඩ්19 වසංගත තත්වය හදිසි තත්වයක් තමයි. නමුත් පාර්ලිමේන්තුව යළි කැඳවීම අවශ්‍යතාවයක් පැන නැගී ඇතැයි ජනාධිපතිතුමන් සෑහීමකට පත් වෙන්නත් ඕනෑ. එයට අධිකරණය සෑහීමකට පත් වෙලා මදි. විපක්ෂය ද සෑහීමකට පත් වෙලා මදි.මුළු ලංකාවම සෑහීමකට පත් වෙලා හිටියත් ජනාධිපතිතුමා සෑහීමකට පත් වන්නේ නැතිනම් එම වගන්තිය ක්‍රියාත්මක වන්නේ නැහැ. පාර්ලිමේන්තුව යළි කැඳවීමක් අවශ්‍ය වන්නේ මේ වසංගත තත්ත්වය මර්දනය කිරීම සඳහා අවශ්‍ය වන නීති රීති වල යම් අඩුපාඩුවක් තියෙනවා නම්. මේ හදිසි තත්වයට මුහුණ දීමට දැනට තිබෙන නීති හොඳටම ප්‍රමාණවත්. නිරෝධායන සහ වසංගත වැලැක්වීමේ ආඥා පනත, මහජන ආරක්ෂක පනත, අත්‍යාවශ්‍ය සේවා පනත සහ ආපදා කළමනාකරණ පනත වැනි නීති වලින් මේ තත්වයට හොඳින් මුහුණ දිය හැකියි. එහෙම නම් පාර්ලිමේන්තුව යළි කැඳවලා ජනාධිපතිට කර ගන්න දෙයක් නෑ. එහෙම නම් පාර්ලිමේන්තුව යළි කැඳවා ගන්න විපක්ෂයට ඕනෑ ඇයි? පාර්ලිමේන්තුව ඕනෑද නැද්ද කියන එක තීරණය කිරීමට හිටපු කතානායකට බැහැ. අධිකරණට බැහැ. විපක්ෂයටත් බැහැ. එය කළ හැකි එකම බලධරයා ජනාධිපතිතුමන් පමණමයි. නමුත් ජනාධිපතිතුමන්ට පාර්ලිමේන්තුව යළි කැඳවීමට අවශ්‍ය නැතිනම් විපක්ෂය ඇයි මෙය කැඳවන්න කැඳවන්න කියලා බෙරිහන් දෙන්නෙ. එක දවසක් රැස් වුණොත් මන්ත්‍රිවරුන්ට මාසයකට වැටුප් සහ දීමනා දෙන්න ඕනෑ. කාර්ය මණ්ඩල වලට වැටුප් සහ දීමනා දෙන්න ඕනෑ. ඔන්න ඕකටයි පාර්ලිමේන්තුව යළි කැඳවන්න කියලා බෙරිහන් දෙන්නේ.

පාර්ලිමේන්තුව යළි කැඳවීමේ යටි අරමුණ කුමක්ද?

විපක්ෂය කැඳවන්න කියලා බල කරන පාර්ලිමේන්තුව මොකද්ද? 2018 දීත් 2019 දීත් අපේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ පිළුණු වුණු පාර්ලිමේන්තුවක්. අවසන් කළ ත්‍රස්තවාදයට යළි පණ දුන් දේශද්‍රෝහි පාර්ලිමේන්තුවක්. රටේ ආර්ථිකය ඇෆ්ගනිස්ථානයටත් වඩා පල්ලම් බස්සපු වැඩ බැරි පාර්ලිමේන්තුවක්. මහ බැංකුවත් හොරා කාපු චෞර පාර්ලිමේන්තුවක්. එහෙව් පාර්ලිමේන්තුවකට තමයි මේ පණ දෙන්න හදන්නේ.

මේ කැඳවීමට යන පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ වැඩ බැරි හොරු පිරි දේශද්‍රෝහි විපක්ෂයටයි. ඒ නිසා මේ පාර්ලිමේන්තුව යලි කැඳෙව්වොත් රට විකුණන රට පාවා දෙන දේශද්‍රෝහි පනත් බුරුතු පිටින් සම්මත වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා පිළුණු පාර්ලිමේන්තුව යළි නොකැඳවීමට ජනපතිතුමා ගත් තීරණයට අපි සිරස නමා ආචාර කරනවා. ඒ වගේම අධිකරණ නියෝගයකින් තොරව පාර්ලිමේන්තුව යළි කැඳවන්නේ නෑ කියා හිටපු කතානායකතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඇති ප්‍රශ්න නැති කරන්න කටයුතු නොකර නැති ප්‍රශ්න ඇති කරන්න කටයුතු කරන විපක්ෂයට උඩ ගෙඩි නොදී සිටින්න එතුමා ගත් තීරණයටත් අපි ප්‍රණාමය පුද කරනවා.

මහ පොලවේ කළ නොහැකි දෙයක් කරන මෙන් බල කරන්න බෑ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) වගන්තිය අනුව නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම විසුරුවා හැරිය දින සිට මාස තුනක් ඇතුලත පැවැත්විය යුතුයි. ජනාධිපතිතුමා විසින් මාර්තු 2 දා විසුරුවා හැරීම කළ නිසා පළමු රැස්වීම ජූනි 2 ට පෙර පැවැත්විය යුතුයි. ඒ නිසා තමයි ජනපතිතුමාගේ ප්‍රකාශනයේ නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම පවත්වන දිනය ලෙස මැයි 14 නියම කලේ. පවතින වාතාවරණය මත අප්‍රේල් 25 දින මැතිවරණය පවත්වන්න බෑ කියලා මැතිවරණ කොමිසම තීරණය කළා. ඒ සඳහා දැන් ජූනි 20 දින නියම කර තිබෙනවා. සාමාන්‍ය තත්වය යටතේ නම් විසුරුවා හැර මාස තුනක් ඇතුලත පළමු රැස්වීම පැවැත්විය යුතුයි. නමුත් ඒක මහ පොලවේ කරන්න බැරි නම් මොනවා කරන්න ද? මේක සුවිශේෂි අවස්ථාවක්. ඒකට අර සාමාන්‍ය අවස්ථාවට අදාළ කාල සීමාව බල පවතින්නේ නෑ. නීතියේ තිබෙන Impossibility of Performance Doctrine අනුව මහ පොලවේ කළ නොහැකි දෙයක් කරන මෙන් නීතියට නියම කරන්න බෑ. ඒ නිසා පවතින සුවිශේෂි තත්වය මත විසුරුවා හැර මාස තුනක් ඇතුලත නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම නොපැවැත්වීම කිසිම ව්‍යවස්ථා අර්බූදයක් නිර්මාණය කරන්නේ නෑ.

ප්‍රශ්ණය : සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තුවට යළි රැස් විය හැකි බව. ඇයි ඔහු එහෙම කියන්නෙ ?

පිළිතුර : සුමන්දිරන් මන්ත්‍රිතුමන් නීතිය නොදන්නවා නෙමෙයි. ඔහු නීතිය විකෘති කිරීමට උත්සාහ දරන්නේ පෞද්ගලික යටි අරමුණක් සඳහායි. එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදී නාමයෝජනා භාරදී පවතින නිසා දෙමළ බෙදුම්වාදී බලවේගයන් තවදුරටත් දුර්වල වී තියෙනවා. දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය වෙලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය යළි සමගි කරගන්න. එයට ඔවුන්ට තියෙන ලොකුම බාධාව එජාපයේ ප්‍රබල නායකයන් කණ්ඩායම් දෙකකට බෙදිලා රටපුරාම නාමයෝජනා භාර දී තිබීම. එනිසා ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා බාරදී ඇති නාමයෝජනා අහෝසි කරගෙන මේ පක්ෂය එකතු කරලා තනි කණ්ඩායමක් විදිහට නාමයෝජනා භාරදීමට. එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන පනතකින් පමණයි. එබැවින් පාර්ලිමේන්තුව යළි කැඳවන්න යැයි කියමින් බොරු නීතික තර්ක ගෙනෙමින් සුමන්දිරන් මන්ත්‍රිතුමන් බෙරිහන් දෙන්නේ තමන්ගේ දේශපාලනික අභ්‍යන්තර ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහායි.

– අරවින්ද අතුකෝරල

60,535 Viewers

35 Comments to “පාර්ලිමේන්තුව යළි කැඳවීමේ යටි අරමුණ මෙන්න..”

  1. කලියුගය says:

    රනිල් දැන් ඉන්නේ රාජපක්ෂ පිලේ නිසා කරැජයසූරිය ආණ්ඩුවට විරැද්ධව කටයුතු නොකරන බවට කතාවක් යනවා.

    • Sashika Weerawardana says:

      ඔය කතාව කියන්නේ UNP කාරයෝ ම තමා

      • Kotalawala says:

        ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන්ගේ නිරුවත එළියට….! මෙවැනි ව්‍යවස්ථා අර්බුදයක් නොදැක්කේ ඔවුන්ට ඉංග්‍රීසිත්, තර්කයත් බැරි නිසාද?

    • Ranjith Madduma says:

      ඇයි මේ දෙමළ සංවිධානය හා මනෝ ගනේෂන් බදුර්දීන් හකීම් ඇතුළු මුස්ලීම් පක්ෂ ප්‍රේමදාසට එකතුවෙන්නේ . මන් හිතුවේ ප්‍රේමදාස සිංහල නායකයෙක් කියලා

    • පටි රෝල් says:

      හා..හා දැන් තම වරිගේ රැකගන්න කට්ටියම සමණළ ජීවිතයකට ඇතුලු වෙලා වගේ.

    • බවතරණය says:

      රනිල් පිල පාර්ලිමේන්තුව නැවත කැදවනවාට විරුද්ද වී නැහැ.කිරිඇල්ල ඉන්නෙ රනිල් පිලේ.ඔහු කියල තියෙනවා පාර්ලිමෙන්ට් විසිරවීම් දැන් ව්‍යවස්තා විරෝදී කියලා.

    • Boo says:

      ඒ විතරක් නෙමෙයි, අර මහින්දගේ රත්තරන් අස්සයවයි, ලම්බෝග්නියකුයි රනිල්ට තෑගී දීලලු. තාජුදීන් දැන් බැඳලා ඉන්නේ මංගල ලු. රාජිත අර ඩුබායි ගිණුමේ තිබුන සල්ලි ටික කොරෝනා අරමුදලට පවරලාලු. මහින්දගේ හෙලිකොප්ටර් ටික සජිත්ට දීලලු යාල කැලේ අලි බලන්න. ඒ අතරේ කළුවරේ රනිල් රන්ජන්ට වෙන මොකක්ද එකක් දීලලු.

    • wijebahu says:

      Ane me gon perakadoruwa kiyana eva kawda ganan ganne. moo ne october constution coup eka welawe padipela indan comment dunna eka.

  2. Punchi Banda says:

    Methak Loka Ithihasaye bihi una siyalu De genama hasala deneemak thibena ugath buddimathma minisa kiyapu De.meya hithanawa meya kiyanna dewal mulu lankawama lokayama Piligannawa kiyala. Mr.Lanka C News mewath news da Appa.dannako hoda trending news ekak.me Pissekge ewa Danne nethuwa

    • Saji says:

      banchi punda, umbe booru moleta wetahenne nae, me ugath buddhimath, despremi mahattaya kiyana dewal. gammanpila kiyanne computer science ugath australiawe deakin iniversity igena ehimae lecturer kenek vidiyata wedakala kenek, neethignayek, mana hesireemak thiyena kenek. a wage aya ratata sampatak. eersiya karanta epa.

    • Kotiya says:

      Your idiotic comment itself is a trending news for idiots like yourself. The dumb stupid no-brane idiots like you cannot understand the Quotes and clauses taken from the constitution. They only hatefully look at who is talking. This country is full of idiots like you. They and you cannot understand a simple well-explained legal point. What a f@#$ bunch of idiots we have in this country.

  3. PS says:

    Very good explanation. This seems to be the correct stance.

    • The Citizens says:

      Will these power crazy ,bankrupt politicians try to turn the constitutional rights upside down? They can never ever do that so long as the patriotic people are there.

    • wijebahu says:

      How come its a very good explanation? we all know this guy is a idiot. who was behind the October coup and got his ass whooped by the Supreme court. this disgusting creature should be in the Jail. according to the power wrested on the president any parliament can be dissolved any time after the 4.5 years period. so parliament has no powers after 4.5 years. all decessions they should take with help of president only.

      • වෙන්ඩ ආර්ය්‍යා says:

        Supreme court ….? LOL!… Western backed former gawapaalana samanala gang could win the situation because they could buy the judiciary for $$$$s, other than famous back side treatments given for judges.

    • කුසල් says:

      ව්‍යවස්ථාව වගේ සංකීර්ණ දෙයක් සරලව නිරවුල්ව පැහැදිල කර දෙන්න දන්න දේශපාලකයන් අතලොස්ස අතරින් එක්කෙනෙක් තමයි උදය

  4. Me says:

    “විපක්ෂය කැඳවන්න කියලා බල කරන පාර්ලිමේන්තුව මොකද්ද? 2018 දීත් 2019 දීත් අපේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ පිළුණු වුණු පාර්ලිමේන්තුවක්. අවසන් කළ ත්‍රස්තවාදයට යළි පණ දුන් දේශද්‍රෝහි පාර්ලිමේන්තුවක්. රටේ ආර්ථිකය ඇෆ්ගනිස්ථානයටත් වඩා පල්ලම් බස්සපු වැඩ බැරි පාර්ලිමේන්තුවක්. මහ බැංකුවත් හොරා කාපු චෞර පාර්ලිමේන්තුවක්. එහෙව් පාර්ලිමේන්තුවකට තමයි මේ පණ දෙන්න හදන්නේ.”

    “මේ කැඳවීමට යන පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ වැඩ බැරි හොරු පිරි දේශද්‍රෝහි විපක්ෂයටයි. ඒ නිසා මේ පාර්ලිමේන්තුව යලි කැඳෙව්වොත් රට විකුණන රට පාවා දෙන දේශද්‍රෝහි පනත් බුරුතු පිටින් සම්මත වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා පිළුණු පාර්ලිමේන්තුව යළි නොකැඳවීමට ජනපතිතුමා ගත් තීරණයට අපි සිරස නමා ආචාර කරනවා”
    👍👍👍

  5. Ata pass unath ballo dangalanne balaye inna.munta Buddi pareeksana prasna patrayak demu Buddi playa 40 Wath neta. Reddak hodanmawath madi.janapathita
    a gamethita 50 Wath netha
    Monawada ottu.

  6. Ata pass unath ballo dangalanne balaye inna.munta Buddi pareeksana prasna patrayak demu Buddi playa 40 Wath neta. Reddak hodanmawath madi.janapathita
    a gamethita 50 Wath netha
    Monawada ottu.

  7. praba says:

    මේ පරහැත්ත රට කෑවා. ආයත් කන්න එන්න හදනවා. මේ පරයො ටික මහබැංකුව කාලා. රට විකුණලා. රණවිරුවො හිරේ දමලා. ජාතික ආරක්ෂාව නැති කරලා.පාස්තු ප්‍රහාාරය ඇතිකරල එහි වරදකරුවන් ට දඩුවම් නොදී කාලකාණ්නි. මේ අයනම් නැවත ගන්න එපා. එහෙම වුනොත් මිලිටරි පාලනයක් ඇතිකර මේ පරයො ටික රටින් එලවන්න. ආණ්ඩුවක් අවශ්‍ය නෑ. දැන් ජනාධිපතිතුමා තනියම රට ගෙනියන්නේ එහෙමහොඳයි.

    • sarath says:

      Parana parliament eka kiyanne Mahinda agamethi wela hitapu aanduwa, nethiwa Ranil agamethi wela hitapu aanduwa nemei.

      • ලැවරියා says:

        රන්ල්ගෙ පස්ස ලෙවකන්නෙක් මෙන්න

      • මැකෝ says:

        ඔයා තාම පාර්ලිමෙන්තුවෙයි, ආණ්ඩුවෙයි වෙනස දන්නෑ.

  8. Nimal says:

    Ane oya tarka dala thamai oya Mahinda mahaththayath dina 52 a
    gamathi karala vinasha kale

  9. Atta says:

    සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවීමත් සමග ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවය.

    Dn ko meke ara GMOA ekata bana bana hitapu hadayo?? Anthimata un kiyapu dene karanne, ko ara PAVITRA DEVI ubalage… paw wahallu tika.

    Shame on lankaCnews only publishing comments and news where they have advantages.

  10. Gayan Thenuwara says:

    මෙයා කලින් පාර කිවුවෙත් ඔහොම තමයි

  11. වජිර says:

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්

  12. Chinthana says:

    Dear Udaya gammanpila…Cant you file a case & appeal & request from the supreme court as to cancel the date of election which decided by the Election commission & issue a order to election commission to fix a date within 3 months from date of dissolution of the parliament. This should be based on 1) Impossibility of performance Doctrine
    2) Poor performances of the chairman of Election commission.Because he did not fixed the date while declaring the emergency situation in the country.

  13. Saradiel says:

    මුන්ට නැව ගිලුනත් බැන් චුන් ලැජ්ජයි.

  14. sarath says:

    Ehenam miniha wereggak karala allaganna beri wunama wife wa policiyen aran yanne mokatada?

  15. AJ says:

    මගේ අත්දැකිමේ විදියට නොබෝ දිනකින් මහජනයා පාරට බහීවි. එය පාලනය කරන්න හමුදාවටත් නොලබේවි. මතකද 1983 උන දේ. මේ පාර මහජනයා සහ අසික්කිත දේසපාලනයින් අතරයි. මම 1988 පක්සයකට නොමති පෙලපාලිවල ගියා gall road.. එහි නායකත්වය දුන්නේ. retired Colonel කෙනෙක්..

  16. Aurora says:

    UNP,JVP,TNA සියලුදෙනාම හොඳාකාරව දන්නවා පාර්ලිමේන්තුව විසුරුවල ඉවර බවත්, ඊළඟ චන්දෙට නාමයෝජනා කැඳවල, නාමයෝජනා බාරගෙන ඉවර බවත්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණෙට මුහුනදෙනවා ඇරෙන්න කරන්න වෙන කිසිදෙයක් නැති බවත්. නමුත් මේ බොරු උද්ඝෝෂණ කරන්නේ හේතු 2 නිසයි. පළමු හේතුව තමා පාක්‍ෂිකයන්ගේ මොරාල් එක පවත්වා ගැනීම. දෙවන හේතුව තමයි නියත පරාජයෙන් පසු නිදහසට කරුණු හදාගැනීම. ආණ්ඩුව ඕක දන්න නිසා ගණන් නොගෙන නිකම් ඉන්නවා. හැබැයි සීමාවල් කඩන්නේ නැතිව. ඒ නිසා තමයි හීන්බබා අකුලාගත්තේ.

  17. Rathgama MC says:

    An excellent explanation! Thank you very much Mr. Gammanpila.

  18. GAJABA WALIMUNIDEWA says:

    පාර්ලිමේන්තුව නැවත ඕනෙම නැත. මමත් එකඟයි නමුත් මෙයාගේ නීතී තර්කනම් පුස්සක්. මහින්ද අගමැති කරන්න පුළුවන් කියලා කෙස් පැලෙන්න තර්ක ගෙනාවෙ මෙයා.