පාර්ලිමේන්තුව වටකර පාර්ලිමේන්තුව විසුරවපල්ලා කියා බල කල යුතුයි…

July 30, 2022 at 7:10 pm | lanka C news
පාර්ලිමේන්තුව වටකර පාර්ලිමේන්තුව විසුරවපල්ලා කියා බල කල යුතුයි…

‘පාර්ලිමේන්තුව වටකර පාර්ලිමේන්තුව විසුරවපල්ලා කියල බල කල යුතු බව මම දිගටම කියා තිබේග එය මම අදත් කියමි’ යයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සදහන් කරයි.

ඒ බව සදහන් කරමින් තම සමාජ ජාල ගිණුමේ ඒ මහතා මෙසේ සදහන් කර ඇත.

පාර්ලිමේන්තුව වටකර පාර්ලිමේන්තුව විසුරවපල්ලා කියල බල කල යුතු බව මම දිගටම කියා තිබේ. එය මම අදත් කියමි, හෙටත් කියමි, එය වෙනත් ඕනම ආයතනයක් වටකර බලපෑම් කිරීමට වඩා ජනතාවට අයිතියක් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී මූලදර්මයකි,අපේ රටේ ඇත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයකි, නියෝජිතයන්ට බලපෑම්කිරීමට ජනතාවට අයිතිය තිබේ. පාර්ලිමේන්තුව වටකර බලපෑම් කිරීම උද්ඝෝෂණයක පුලුල්ම මොහොතකි. එම පුලුල්ම මොහොතට එකග නොවීම අරගලය මෝරා තිබුණු තැනට සාපේක්ෂව අරගලය පාවාදීමකි,එයට ප්‍රචංඩත්වය එකතු කිරීම ආණ්ඩුවේ උවමනාව ඉටුකිරීමකි, රනිල්ගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමකි,රනිල්ගේ උවමනාවට කටයුතු කරපු උන් රටට හෙලිදරව් වෙමින් තිබේ,එය හොද දෙයකි.තවමත් පරිණත සැලැස්මක් මත පදනම්ව පාර්ලිමේන්තුව වටකර විසුරුවපල්ලා කීමට තරම් දේශපාලනය තත්ත්වයක් රටේ තිබේ ,ඒ පාර්ලිමේන්තුව ජනතා ද්‍රෝහී නිසාය.

ජනතා ද්‍රෝහී පාර්ලිමේන්තුවක් තබාගෙන ඒකෙන් අරක මේක කරගන්න මත පළකරමින් කටයුතු කළ අය මතක් කරගන්න. රනිල් ජනපති වීමටත් ඔව්න් නියමින් හෝ අනියමින් දායක වී තිබේ,සල්ලි නැති නිසා චන්දෙ බෑකියපු අයද දැන් පවතින මර්දනයට දැනුවත්ව හෝ නොදැනුවත්ව හව්ල්ය. මේක වෙලාව නෙමෙයි කියල කියන උන් තාමත් සිටී …

වෙලාව දීදී බලාපල්ලා ඔක්කොටම හම්බවෙයි.

වහාම පාර්ලිමේන්තුව විසුරුවා, මැතිවරණයක් තබා ,නව ජනවරමකට අවස්තාව ලබාදීමට ජනමතයක් හදමු.ජන බලය යොදවමු. අරගලයෙන් ප්‍රති අරගල කරුවන් පලවා හරිමු.

* හොරු පන්නමු.
* හොරුන්ට දඩුවම් දෙමු.
* සොරකම් කළ දනය රජයට පරාගමු.
* පුද්ගලික හෝ පොදු දේපොළ විනාශ නොකරමු.

අරගලය විද්‍යාත්මක මෙහෙයුමකි.

32,289 views

56 Comments to “පාර්ලිමේන්තුව වටකර පාර්ලිමේන්තුව විසුරවපල්ලා කියා බල කල යුතුයි…”

  1. Kure says:

    The biggest robbers are the JVPers.

  2. Diddeniya says:

    Lalkantha, supuru paridi, serious lesa, apita vihilu sapayanava. Meyath ara PONseka ge type ekay.

Main News