පාර්ලිමේන්තුව විසුරවීම, මැතිවරණයක් කැදවීම නීති විරෝධීයි..- ගැසට්ටුව අවලංගු කරන්නැයි පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට..
November 12, 2018 at 10:40 am | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් පාර්ශ්ව 10ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද දිනයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ගොන් කරනු ලැබීය.
මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, විකල්පල ප්‍රතිපත්ති කේන්ද්‍රය, මනෝ ගනේෂන්, නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පිරිස් විසිනි.
ව්‍යවස්ථා විරෝදීව මෙම විසුරුවා හැරීම කර ඇති බවත් පවසන ඔවුන් අදාල ගැසට් නිවේදනය අත්හිටුවන ලෙසත් නඩු තීන්දුවක් ලබාදෙන තෙක් මහ මැතිවරණය අත්හිටුවන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටී.
මෙම පෙත්සම් අද දිනයේදීම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කර ඇත. අගවිනිසුරු ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පෙත්සම සලකා බලයි.
පේනවනේ එක පාට උන් එකට ළගින විධිහ..
මම හිතන්නේ මේ ලෝකඉතිහාසයේ ප්‍රජාතාන්ත්‍රික රටක මැතිවරණයක් එපා කියලා උසාවි ගියාම වෙන්නැති… මුන් පස්ස පැත්තෙන්ද දන්නෑ ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන්නේ..
බලා ඉඳිමු අධිකරණයේ තීන්දුව දෙස..
Is entire democracy rested upon 19th amendment. ? Then there was no democracy before ( 2015 ) the 19th amendment.
සියලුම පෙත්සම් අකුලලා ලොල්ලන්ගෙයි ජෙප්පන්ගෙයි පස්සාපැත්තේ ගහගෙන මැතිවරණයට ඉදිරිපත්වනලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් පෙත්සම් සියල්ල නිශ්ප්‍රභ කරනු ඇත. ( ජ්‍යොතිෂ නොවන අනාවැකියක්)
එතකොට ජනමතවිචාරනය. ඒකට බෑ කියන්න කාටවත් බෑ.
සීයට දෙසීයකින් මුන් පරදිනවා