පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්… සියළු පක්‍ෂ නායකයන් අතර එකගතාවයක්..

March 25, 2019 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්… සියළු පක්‍ෂ නායකයන් අතර එකගතාවයක්..

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අදහස් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, නියමිත කාලයට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් අතර එකඟතාවක් ඇතිවෙමින් තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

එසේ වුවහොත් නැවත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන අතර, පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව නාමමාත්‍රික ජනාධිපතිවරයෙන් පත්කිරීමක් සිදුවේ.

එම යෝජනාව සඳහා ප්‍රධාන පක්ෂ නායකයන්ගේ වැඩි කැමැත්තක් ඇති බව වාර්තා වුවද, එම පක්ෂවල සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් ‘එයට විරුද්ධ වී ඇති අතර, පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනුවට මේ මොහොතේ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවට ඔවුන්ගේ අදහස වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට විරෝධය පළ කර ඇති අතර, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීමට අවස්ථාව නොදෙන බවට ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ. ඒ සඳහා මන්ත්‍රීවරුන් 75 ක් එක් කර ගැනීමේ මෙහෙයුම මේ වනවිට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ආරම්භ වී තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාව සම්මත කරගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වෙන වෙනම මුණගැසී සාකච්ඡා කළ අතර, එහිදී ධනාත්මක ප්‍රතිචාර හිමි වූ බවද ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා ප්‍රකාශ කළේය.

මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදය අවසන් වූ වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවද එම පක්ෂය සඳහන් කර තිබිණි.

එසේ වුවද වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ආසන්න වී ඇති බැවින් ඔක්තෝබර් මාසයෙන් පසුව ජනාධිපතිවරණයන් පැවැත්වීමට නියමිතව ඇති අතර, එම ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහස වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසා සිටියේය.

මෙවර ජනාධිපතිවරණය පැවැත්වුණහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද යළිත් වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමේ සාකච්ඡා සිදුවෙමින් පවනිත බවටද වාර්තා වේ. එහිදී රාජපක්ෂවරයෙකුට අවස්ථාව ලැබෙන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා නම් කිරීමට දැනටමත් තීරණය වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් නිර්මාණය කරගැනීමේ සාකච්ඡාද පැවැත්වෙයි. සාකච්ඡා සාර්ථක වුවහොත් ඔවුන් සන්ධානයෙන් එක් අපේක්ෂකයෙකු පමණක් ඉදිරිපත් කරනු ඇත.

ජනාධිපතිවරණයක් පැවැත්වුණහොත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමට දැඩි ස්ථාවරයක සිටින බවට වාර්තා වෙයි.

එහෙත් ජනාධිපතිවරණයකට නොගොස් මහමැතිවරණයකට ගියහොත් ප්‍රධාන කණ්ඩායම් තුනෙහි ඇති අභ්‍යන්තර අර්බුද පහසුවෙන් විසඳා ගැනීමේ අවස්ථාවක් හිමිවන බැවින් පක්ෂවල ඉහළ පුටු මහමැතිවරණයකට කැමැත්තෙන් පසුවන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

– ada.lk

49,300 Viewers

6 Comments to “පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්… සියළු පක්‍ෂ නායකයන් අතර එකගතාවයක්..”

  1. නැගිටින නිට්ටෑවා says:

    වැඩේ අවුල් වගේ නේ……
    1.) දැනට රටේ බලවත්ම පුද්ගලයා වන විධායක ජනාධිපතිවරයා පත් කරන්නේ රටේ ජනතාවගේ චන්දයෙන්.
    2.) ජෙප්පන්ගේ ක්‍රමයට අනුව රටේ බලවත්ම පුද්ගලයා වන විධායක අගමැතිවරයා පත් කරන්නේ හොරු 225හේ චන්දයෙන්.

    තවත් කෙල වෙන පාටක් තමා ඉත්තෑවට නම් පෙනෙන්නේ.

    • Janaka says:

      අබෞද්ධ යෙක් ජනාධිපති කර ගැනීමට ඇති එකම බාධාව ජනාධිපතිවරණයයි. අබෞද්ධ යින් කතානයක ලෙස පත්කර ගන්නවා මෙන් බෞද්ධ නොවන අයෙක් පාර්ලිමේන්තුව හරහා ජනාධිපති කර ගැනිමට ජනාධිපතිවරණය අහෝසි කරමු..

  2. AK47 says:

    රට ගැන හිතලා ගන්න තීරණයක් නොවේනේ.
    කෙලින්ම තමන්ට බලය ගන්නේ කොහොමද, ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් ආවොත් හොදද, නැද්ද කියල හිතල ගන්න තීරණයක් මේක.
    ජෙප්පෝ ඉදිරිපත් කරණ නිසා කොහොමත් රටට විනාශකාරී තීරණයක්.
    රටේ වැඩිම ප්‍රමාණයක් මිනී මරලා වැඩිම දේපොළ වටිනාකමක් විනාශ කලේ ජෙප්පෝ.
    ඉස්සරහට රටට කෙලවන්නෙත් ජෙප්පෝ.

  3. Aurora says:

    Executive Prasidant ship is the only tool to ensure national safety. JVP need to unsteady the country and take power. They going to use selfish agenda of some party leaders. As general public we need Executive Prasidant who elect by our votes.

  4. Stanley says:

    ගෝඨා මැතිදු එනවට වංචනිකයෝ,දූෂිතයෝ බය වෙලා කකුල් වෙව්ලනවලු. ගෝඨා මැතිදු ඔය හැම කෙනාටම වඩා උගත් බුද්ධිමත්.
    ලංකාවේ වියතුන්,උගතුන් බුද්ධිමතුන් ඔහුගේ දැනුමට බුද්ධියට කාර්යයශූරත්වයට වශි වෙලා….ඔහු යන යන තැන උගතුන් බුද්ධිමතුන් එතුමා වටා රොක් වෙන්නේ ඒකයි…

  5. Saradiel says:

    මේ රතු නරින්ට නොරැවටෙන්න

Main News