පාර්ලිමේන්තුව විසුරුවේ මිනී මැරුම්, ලේ සෙලවීම් කරන බව එජාපය කියූ නිසා..- ජනපති

November 12, 2018 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවේ මිනී මැරුම්, ලේ සෙලවීම් කරන බව එජාපය කියූ නිසා..- ජනපති

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ එය කැදවූයේ නම් ලේ වැගිරීම් වීමට ඉඩ තිබූ නිසා බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

එවන් අර්බුදකාරී තත්වයක් මග හැරීම සදහා තමන් විසින් ව්‍යවස්ථාවෙන් පැවරී තිබූ බලතල අනුව පාර්ලිමේන්තුව විසිරවූ බවත් ඔහු සදහන් කරයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් කෝටි 50ක පමණ ඉහල මිල ගණන්වලට අලෙවි වීමක් සිදු වූ බවද ඔහු පෙන්වා දෙයි.

ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

පසුගිය දින කිහිපයේදීම එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුම කියා සිටියේ ලේ වැගිරීම් ඇති වනු ඇති බවත් මිනී මැරෙනු ඇති බවත්ය.

මේ අතර වාර්තා පල වන්නේ රිෂාඞ් බදියුදීන් මහතාගේ පක්‍ෂයේ සිටි මන්ත‍්‍රිවරුන් පස් දෙනාගේ සහයෝගය ලබා දීම සදහා කෝටි 250ක මිල ක් නියම වී තිබූ බවයි.

21 views

22 Comments to “පාර්ලිමේන්තුව විසුරුවේ මිනී මැරුම්, ලේ සෙලවීම් කරන බව එජාපය කියූ නිසා..- ජනපති”

  1. Rata First bada second says:

    Thank you Mr. President for taking this action. I was hoping you would do this when you guys lost the local gov elections… That is what a decent government would have done … to protect the country, its people and economy. Its beyond me how these so called advisers, experts and seniors of this great country didn’t say anything when its democracy was really on the rocks.. with the bank robbery and postponed elections!! Well done again , better late than never!!

Main News