පාර්ලිමේන්තු එන්න ඕනෑ නම් නැග්ග ඉනිමගට පයින් නොගසනු.. – එජාපයෙන් රතන හිමිට රතු එලි..

March 2, 2017 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තු එන්න  ඕනෑ නම් නැග්ග ඉනිමගට පයින් නොගසනු.. – එජාපයෙන් රතන හිමිට රතු එලි..

අතුරලියේ රතන හිමියන් එජාප ජාතික ලයිස්තුවෙන් මන්ත‍්‍රී ධුරයක් ලබා ගෙන දැන් එජාපයටම එජාපයට ගැරහීම ගැන දැඩි කනගාටුව පළ කරන්නේ යයි එජාප මන්ත‍්‍රී එස්.එම් මරික්කාර් මහතා සිරිකොතේදී පැවති මාද්‍ය හමුවක් අමතමින් පැවසීය.

රතන හිමියන් විසින් කොළඹදී පැවති උත්සවයක් අමතමින් ‘මහින්ද රාජපක්ෂ මහතාත් පරාදයි එජාපයත් පරාදයි’ ලෙස කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කීය.

‘අලියා ලකුණට ලැබුණු ජාතික ලැයිස්තුවෙන් උන්වහන්සේ පාර්ලිමේන්තු ආවේ. එජාපය පරාද වුනා නම් උන්වහන්සේට පාර්ලිමේන්තු මන්ත‍්‍රීකමක් ලැබෙන්නෙ නෑ. ස්වාධීන වීම නොවීම උන්වහන්සේගෙයි හෙළ උරුමයයි වැඩක්. අපි ඒවාට මැදිහත් වෙන්නෙ නෑ. නමුත් අපි උන් වහන්සේට කියනවා නැග්ග ඉනිමගට පයින් ගහන්න එපා කියලා. එන පාරත් පාර්ලිමේන්තු යන්න ඕනෑනම් ඒ ගැන හිතන්න එජාපයට ගරහන්න එපා’

6 views

4 Comments to “පාර්ලිමේන්තු එන්න ඕනෑ නම් නැග්ග ඉනිමගට පයින් නොගසනු.. – එජාපයෙන් රතන හිමිට රතු එලි..”

  1. kamasiri Kuruwita says:

    ඇද්ද අහගත්තා ? රතනටත් ලැජ්ජාව කියල එකක් ගෑවිලාවත් නැති නිසා තවත් ඩීල් එකක් දාගෙන තමන්ට නෙවෙයි වගේ ඉඳියි. ඒවාට මිනිහ දක්ෂය පක්ෂේ අනිත් එවුන් වගේම්.

  2. බන්ඩයියා says:

    මරික්කාරයෝ, මේ වෙනකොට මහජනතාවට උඹල කොච්චර අප්‍රියද කියල උඹලවත් දන්නෙ නැහැ ලබන සැරේ රතනයට විතරක් නෙවෙය් උඹල කාට කාටත් පාර්ලිමේන්තුවෙ නෙවෙය් ගෙදර තමය් ඉන්න වෙන්නෙ.

  3. palle says:

    මොනවා උනත් මරික්කාර් ගේ කතාව සම්පුරණ ඇත්ත. UNP එකෙන් පාර්ලිමේන්තුවට ආපු රතනට එහෙම කතාකරන්න සදාචාරයක් නැහැ. ඕ … මට වැරදුනා .. රතනට කොහොමටත් සදාචාරයක් කියල දෙයක් නැහැ නේ.

  4. Dickie Bird says:

    ha..ha … බන්ඩයියා marakkala marikkar ta mukuth kiyanna epa.
    Okkoma marakkalayo marikkar ta chande denne.

    Aneka Marikkar danne nadda Rathanayata kohethma sadacharayak nehe kiya la ??? deiyo sakki !!

Main News