පාර්ලිමේන්තු ගැටුමේ චූදිත සියලූ මන්ත‍්‍රිවරුන්ට අධිකරණයේ නඩු..

March 3, 2019 at 8:40 am | lanka C news
පාර්ලිමේන්තු ගැටුමේ චූදිත සියලූ මන්ත‍්‍රිවරුන්ට අධිකරණයේ නඩු..

‘පාර්ලිමේන්තුවේ දේපලවලට හානි කළ සියලූම මන්ත‍්‍රිවරුන්ට අධිකරණයේ නඩු පැවරෙන බව අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ ගලගෙදර මැතිවරණ කොට්ඨාශයේ කාපට් අතුරා සංවර්ධනය කළ මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත්කීරීමේ උත්සව සදහා සහභාගි වෙමිනි.
මේ යටතේ පට්ටපොළ – අලගල්ල මාර්ගයල වැලිගලපොළ- දේදුනුපිටිය මාර්ගයල මිණිගමුව-ඉහළගම මාර්ගයල අ`එදෙණිය-කහපත්වල මාර්ගයල කො`එගල-තිස්මඩ යන මාර්ග විවෘත කෙරිණ.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා

‘ඔක්තෝම්බර් 26වනදා කවුරුත් නොසිතූ ලෙස අපේ ආණ්ඩුව වෙනස් වුණා. හොර පාරෙන් අගමැති වු මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් කළ විගස මම සභානායක ලෙස එයට ඡුන්දයක් ඉල්ලූවා. හොර ආණ්ඩුවට බහුතර ඡුන්දය පෙන්විය නොහැකි නිසා සභාගර්ගය මැදට පැමිණ විරෝධතා කරමින් පාර්ලිමේන්තුවේ දේපළ වලට හානි කළා මු`එ රටම දුටුවා. සමහර මන්තී‍්‍රවරු මයික‍්‍රෆෝන් වලට හානි කළා. තවත් අයෙක් කථානායකවරයාගේ ආසනයට හානි කළා. මන්ත‍්‍රිවරුන්ට වෙනම නීතියක් නැහැ ඒ අයටත් රටේ නීතිය කි‍්‍රයාත්මකයි. පාර්ලිමේන්තුව තළ කි‍්‍රයාත්මක වන්නේත් අපේ රටේ නීතියමයි. සමහර මන්තී‍්‍රවරු මවාගෙන සිටිනවා මන්ත‍්‍ර‍්‍රී වරප‍්‍රසාද නිසා ඒ අයට මොකුත් කරන්න බැහැ කියලා. රාජ්‍ය දේපළ හානි කළ සියලූම මන්තී‍්‍රවරුන්ට අනිවාර්්‍යයෙන්ම අධිකරණයේ නඩු පැවරෙනවා. එලෙස කලහකාරී ලෙස හැසිරුනු මන්තී‍්‍රවරු පිළිබදව ජනතාව අවධානය යොමු කළ යුතු වෙනවා.

අනතුරුව මාධ්‍යවේදින් විසින් නව ව්‍යවස්ථාව පිළිබ`දව අමාත්‍යවරයාගෙන් විමසා සිටිමේදි එයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයාල

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිම හා නව මැතිවරණ ක‍්‍රමය පිළිබ`දව තවම පක්ෂ අතර එ`ගත්වයක් නැහැ. මෙහෙයුම් කමිටුවේදිත් විද්‍යාමාන වුණා බලය බෙදීම සම්බන්ධව පක්ෂ අතර එක`ගත්වයක් තිබෙනවා කියා. ඒ පිළිබ`දව වු යෝජනා මාලාවක් පක්ෂ සියල්ලම එකතු වෙලා ඉදිරියේදි ඉදිරිපත් කරාවි. දකුණේ මහඇමතිවරු උතුරේ අයට වඩා වැඩි බලයක් ඉල්ලූවා. බලය බෙදීම පිළිබ`දව පමණක් පක්ෂ අතර පු`එල් එක`ගතාවයක් තිබෙනවා.

– මාධ්‍ය එ්කකය

5,241 Viewers

One Comment to “පාර්ලිමේන්තු ගැටුමේ චූදිත සියලූ මන්ත‍්‍රිවරුන්ට අධිකරණයේ නඩු..”

  1. පොරමෝලා says:

    ගැටුමේ නිර්මාතෘ හීන් බබා සීයත් නඩුවට පටලවා ගත්ත නං හරි

Main News