පාර්ලිමේන්තු නිලධාරියෙක් මහලේකම්ටත් උඩින් යයි..

March 22, 2019 at 6:26 am | lanka C news
පාර්ලිමේන්තු නිලධාරියෙක් මහලේකම්ටත් උඩින් යයි..

පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියකු පාර්ලිමේන්තු මහ ලේකම් වරයාගේ බල තල ද ඉක්මවා කටයුතු කිරීම නිසා සමස්ත කාර්ය මණ්ඩලය අපහසුතාවට පත් ව ඇති බව දැන ගන්නට ඇත .

ආරක්ෂක හේතු මත යැයි කියා කාර්ය මණ්ඩලය අපහසුතාවට පත් වන චක්‍ර ලේඛ කීපයක්ම මේ වන විට නිකුත් කර ඇති බවත් ,ත්‍රස්තවාදය පැවති සමයේදීවත් මෙවැන්නක් සිදු වී නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු සදහන් කළේය .

මෙම ඉහළ නිලධාරියා මිට පෙර එම තනතුරේ සිටි නිලධාරියාට වඩා අඩු සුදුසු කම් සහිත අයකු වීම නිසා මෙවැනි හැසිරීමක් සිදු වීම බලා පොරොත්තු විය යුතුව ඇතැයි ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනකුගේ අදහස වී ඇත .

විශාලත්වයෙන් වැඩි හැදුනුම් පතක් ලබා දීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය මෙම නිලධාරියාට දැඩි අප්‍රසාදය පල කර ඇති අතර ඒ ගැන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදීද පසු ගිය දා අවධානයට යොමු කර සිටියේය .

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙම නිලධාරියා සම්බධයෙන් කථානායකවරයාට පැමිණිලි කිරීමට සුදානමින් සිටින බව ද දැන ගන්නට තිබේ .

11,025 Viewers

2 Comments to “පාර්ලිමේන්තු නිලධාරියෙක් මහලේකම්ටත් උඩින් යයි..”

  1. suda says:

    Who is this ? Should be an under qualified guy. Those people normally do such ridiculous things to survive and to his powers .

  2. Mahadanamutta says:

    Out of 225 MPs in the Parliment 95% have no qualification at all. So are the employees to match the caliber of MPs.

Main News