පාර්ලිමේන්තු පොලීසියට ජූඩෝ සටන් ශූරයන් අනුයුක්ත කෙරේ.. පොලීසිය පාර්ලිමේන්තු නීතිය කඩයි..

March 10, 2017 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තු පොලීසියට ජූඩෝ සටන් ශූරයන් අනුයුක්ත කෙරේ.. පොලීසිය පාර්ලිමේන්තු නීතිය කඩයි..

පාර්ලිමේන්තුවට අනුයුක්තව සේවය කරන පොලිස් බල ඇණියට ජූඩෝ, කරාටේ විවිධ සටන් ක‍්‍රම ප‍්‍රගුණ කරන ලද සටන් ශූරතාවන් දිනූ පොලිස් නිලධාරීන් පිරිසක් හදිසියේ අනුයුක්ත කර ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සභා ගැබෙන් ඉවත් කිරීමේ කටයුත්තකදී නිරායුදව එතුලට පිවිසීමේදී ඇතිවන තත්වයකට මුහුණ දීමට මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

මේ අතර මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට පොලිසීය සභා ඝර්භයට පැමිණි ආකාරය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව විපක්‍ෂ මන්ත‍්‍රීන් චෝදනා කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පොලීසිය කැදවුවහොත් ඔවුන් පැමිණිය යුත්තේ විපක්‍ෂ-ආණ්ඩු මන්ත‍්‍රීවරුන්ගේ ගැලරිවලින් නොව වේත‍්‍රධාරියා සෙංකෝලය ගෙන එන දොරටුවෙන් බවයි.

එදින පොලීසිය සභා ගැබට පැමිණියේ විපක්‍ෂ මන්ත‍්‍රී ගැලරියෙනි.

20 views
Main News