පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි මහින්දට දන්වයි.. ශාන්ත බණ්ඩාරට මන්ත‍්‍රී ධුරය දෙන්නලූ..

December 13, 2016 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි මහින්දට දන්වයි.. ශාන්ත බණ්ඩාරට මන්ත‍්‍රී ධුරය දෙන්නලූ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී එම දිස්ත‍්‍රික් සන්ධාන ලයිස්තුවේ මීලගට සිටින ශාන්ත බණ්ඩාරට ඉඩ දිය යුතු යයි නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එවු කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඔහු යුතුකම් ඉටු කල යුතු බවත් පාර්ලිමේන්තුවේ වාද විවාදවලට සහභාගී වීම, ඡන්දය පාවිච්චි කිරීම සිදු කල යුතු බවද පෙන්වා දෙන නියෝජ්‍ය ඇමතිවරයා එසේ කල නොහැකි නම් මන්ත‍්‍රීවරයෙකු ලෙස ලබා දෙන වැටුප්, දීමනා හා වාහන බලපත්‍ර ආදිය ලබා ගැනීමේ අයිතියක් නැති බවද කියා සිටී.

115 views
Main News