පාර්ලිමේන්තු මන්ත්රී වීරකුමාර දුටු තැන අත්අඩංගුවට ගනු..- අධිකරණයෙන් නියෝගයක්..
September 18, 2017 at 10:40 am | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ නියොජ්ය සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වීරකුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් සෙයිද් රාද් අල් හුසේන්ගේ ශ්රී ලංකා සංචාරය සිදුවන අවස්ථාවේ කොළඹ එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වූයේ යයි පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටියේ යයි මන්ත්රිවරයාට එරෙහිව මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ.
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ ඇතුළු එම පක්ෂයේ හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
***
12.25pm updated
මන්ත්රීවරයා අධිකරණයට බාර වී ඇති නිසා වරෙන්තුව ආපසු කැදවා තිබේ.