පාර්ලිමේන්තු රණ්ඩුව සැලසුම් කලේ, උසිගැන්වුවේ දිනේෂ් ගුණර්ධනයි..- කතානායක

January 16, 2018 at 12:00 pm | lanka C news
පාර්ලිමේන්තු රණ්ඩුව සැලසුම් කලේ, උසිගැන්වුවේ දිනේෂ් ගුණර්ධනයි..- කතානායක

පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්වය සැලසුම් සහගත එකක් යයි කතානායක කරු ජයසුරිය මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් කතානායක කාර්යාලය විසින් නිකුත් කර ඇති විශේෂ නිවේදනය මෙසේය.

පසුගිය ජනවාරි මස 10 වැනි බදාදා පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළදී ඇතිවූ කණගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සමාජගත වෙමින් පවතින සත්‍යයෙන් තොරව පළවන විකෘති කරන ලද විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කළ යුතුව ඇත.

සාමාන්‍ය පරිදි 2018 ජනවාරි මස 23 වැනි දින අපර භාග 1.00 දක්වා කල් තබන ලද පාර්ලිමේන්තුව, බැඳුම්කර වාර්තාව නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව කලින් කැඳවනු ලැබිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්තුමා සහ ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉල්ලුම් කර තිබූ අතරම, විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායක, ගරු අනුර දිසානායක මැතිතුමන් විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා තිබුණි.

ඒ අනුව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමන් සමග සාකච්ඡා කළ අතර ජනවාරි මස 09 වැනි අඟහරුවාදා අපර භාග 2.00 ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක්ද, කථානායකවරයාගේ යෝජනාව මත පසුදින, එනම් ජනවාරි මස 10 වැනි දින, පාර්ලිමේන්තුව කලින් කැඳවන ලෙසට ස්ථාවර නියෝග 14 යටතේ ගරු අගමැතිතුමාගෙන් ඉල්ලීමක්ද ලැබී තිබුණි.

මෙහිදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමේදී සාකච්ඡා කර තීරණය කරන ලද පරිදි ස්ථාවර නියෝග 14 යටතේ පාර්ලිමේන්තුව කැඳවීම ගැන සභා ගර්භයේදී ගරු අගමැතිතුමන් විසින් පැහැදිලි කර දුන් පසු පක්ෂ නායකයින්ටද කතා කිරීමට අවස්ථාවක් ලබා දීමයි.

පාර්ලිමේන්තුවට මීට අමතරව බැඳුම්කර වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස කතානායකවරයා විසින් දැනටමත් අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා ඇති බවද සඳහන් කරන ලදී. පසුදා පැවැත්වෙන විවාදයට ප්‍රථම එය ලබා ගැනීම අවශ්‍ය බැවින්, එම ඉල්ලීම නැවත ඉදිරිපත් කරන ලෙස ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් සභානායක ලේකම්වරයාටද උපදෙස් ලබාදී එකී වාර්තා පිටපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම්වරයාටද ලිඛිතව දන්වා තිබුණි.

ජනවාරි මස 10 වැනි දින පෙරවරු කාලයේදී අතිගරු ජනාධිපතිතුමන් විසින් කතානායකවරයාට එදින නීතිපතිවරයාගේ උපදෙස් පිට මහ බැංකු අධිපතිතුමන්ටත්, අල්ලස් දූෂණ කොමිසමටත් පිටපත් යැවිය යුතු හෙයින් පාර්ලිමේන්තුවට අදාළ පිටපත් ජනවාරි මස 17 වැනි දින ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දන්වා එවා තිබුණි.

එමෙන්ම බරපතල වංචා හා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තා ද සම්පූර්ණ වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද එදිනම ඉල්ලීමක් කර තිබුණි. පාර්ලිමේන්තුවේ රැස්වීම පැවැත්වෙන අතරවාරයේදී ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව කතානායකවරයාට එවූ ලිපියද කතානායකතුමා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.

සැබෑ කරුණු මෙසේ තිබියදී, විශේෂ කාරණයක් වශයෙන් සඳහන් කළ යුත්තේ එදින පාර්ලිමේන්තුවේ රැස්වීමේ වැඩ කටයුතු අවුල් කිරීම සඳහා සැලසුමක් ඇති බවට රහස්‍ය වාර්තා පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශයටත්, කතානායකවරයාටත් ලැබී තිබීමය.

එදින පාර්ලිමේන්තුවේ රැස්වීම ආරම්භ කළ විට එදින වාර්තා සභාවට නොලැබෙන බවට කථානායකවරයා දැනුම් දුන් පසු ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් දිගින් දිගටම කථානායකවරයා, වාර්තා ලබා දීමට පොරොන්දු වූ බවක් සඳහන් කරමින් ඉතාමත් අශෝභන ලෙස පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට බාධා කිරීම ආරම්භ කරන ලදී.

තවත් පාර්ශවයකින් ලබාදීමට නියමිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස විධිමත් දැනුම් දීමක් කළ පසුව කවර අවස්ථාවක පාර්ලිමේන්තුවට ලැබේද යන බවට කිසිම අවස්ථාවක කථානායකවරයාට පොරොන්දු දිය නොහැකි අතර කතානායකවරයාට කළ හැක්කේ එම අදාළ වාර්තා පිටපත් ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු විගස විධිමත් ආකාරයට ඒවා සභාගත කිරීමයි.

මින් නොනැවතුණ ජ්‍යෙෂ්ඨ, පරිණත දේශපාලනඥයෙකු වන ගරු දිනේෂ් ගුණවර්ධන මහතා දිගින් දිගටම කියා සිටියේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා විසින් අදාළ වාර්තා පළමුව පාර්ලිමේන්තුවට ලබා දිය යුතු බවත්, එසේ නොදෙන්නේ නම් කතානායක බලතල පාවිච්චි කර, ජනාධිපති ලේකම්වරයා කැඳවා වාර්තා ලබා ගත යුතු බවත් ය.

කතානායකවරයාගේ පිළිතුර වූයේ අදාළ පිටපත් ජනවාරි මස 17 වැනිදා ලබා දීමට දැනටමත් පොරොන්දු වී ඇති හෙයින්, කථානායකවරයාට ජනාධිපතිතුමන් සමගත්, ජනාධිපති කාර්යාලය හා පාර්ලිමේන්තුව අතරත් අනවශ්‍ය ගැටුම් ඇති කර රටේ අවුල් ඇති කිරීමට එතුමා කිසි විටකත් අපේක්ෂා නොකරන බවත් ය.

ඉන්පසු දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ කිහිප දෙනෙකුගේ උසිගැන්වීම් තුළ සභා ගර්භයට පැමිණි මන්ත්‍රීවරු විසින් කලින් සැලසුම් කළ ආකාරයට අගමැතිවරයාගේ කතාවට බාධා කරමින් ඝෝෂා කරමින් සභාවේ වැඩකටයුතු අවුල් කිරීමට පියවර ගන්නා ලදී.

පාර්ලිමේන්තුව රැස්වී ගරු අගමැතිතුමා කතා කර, ඉන්පසු අනෙක් අදහස් ප්‍රකාශ කළාට පසුව අවශ්‍ය ලිපි ලේඛනාදිය නොලදහොත් ඊළඟ පියවර සාකච්ඡා කිරීමට නැවත හමුවීමට ගරු දිනේෂ් ගුණවර්ධන මහතා හා ගරු අනුර දිසානායක මහතා හැර විරුද්ධ පාර්ශවයේ නායකවරයා ඇතුළු අනෙකුත් සියලුම පක්ෂ නායකයින් ඊට පෙර පක්ෂ නායක රැස්වීමේදී එකඟ වී තිබිණ.

ඒ අනුව ජනවාරි මස 10 වැනි දින පූර්ව භාග 11.20 ට නැවතත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පවත්වන ලදී. පාර්ලිමේන්තුවේ ගැටුමට හේතුව සභා රැස්වීම පැවැත්වීම යනුවෙන් ඉදිරිපත් කරන බොලඳ තර්ක බුද්ධිමත් ජනතාව හාස්‍යයෙන් ඉවතලන බව සඳහන් කළ යුතුය.මේ අනුව පදනම් විරහිතව ද්වේශ සහගතව අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම ගැන අපි කනගාටු වෙමු.

– කතානායක කාර්යාලය

97 views

12 Comments to “පාර්ලිමේන්තු රණ්ඩුව සැලසුම් කලේ, උසිගැන්වුවේ දිනේෂ් ගුණර්ධනයි..- කතානායක”

  1. Stanley T says:

    Everything happened because of the spineless speaker. Poor behaviour of MPs is due to the inability of the speaker to preside impartially.

  2. sam says:

    මේ හොර පොහොට්ටු හැතිකරේ රටෙන් එලවන්න ඕනෙ…

    • Dr Lakshman Fernando says:

      Control Your Mouth. Take Speaker Home, He will Help You To Make a BABY.

    • vishnu says:

      උඹ වගේ පරයෙකුට පුලුවන්ද පොහොට්ටුව දිනන එක
      නවත්වන්න.පල 1500ට කහින්නෙ නැතිව

  3. Jb says:

    Pala gonnbijja yanna….

  4. WMFernando says:

    Speaker is not impartial, he works according to the directions of UNP leader. It demonstrates even in this announcement. Shame?

  5. HUNA says:

    Banku Horakamath ekka balathdi oka podi deyak.

  6. kumari says:

    Ethakota ravita warthswa giye parlimenthuwata wada eya uththareetharada?Ranil babada?

  7. john the baptice says:

    කතානායක ඉල්ලා අස්විය යුතුය

  8. පුටුව නායක says:

    හෙට අනිද්දට oya පුටුවේ වාඩිඩි වෙලා ම පන යනවා. ඔක්කොම පක්ෂග්‍රාහී තීරණ.

  9. Sriaiyya says:

    Bedumhora dooshanya slui,namuth lokuhorunwa kooduwata nodammaeaka mahajanaya waradhi mung issallam danduwam nodeema mahajanayaata loku boruwak (baila) porundu dunna koa dandwama dan aaimath eknaliyagoda naduwa patanganda yanawaa chandea langai

  10. Gaalu Yaka says:

    මේ හොර පොහොට්ටු හැතිකරේ රටෙන් එලවන්න ඕනෙ… kalakannima thamai

Main News