පාරිබෝගික විමර්ශණ සංගමයට එරෙහිව පාරිබෝගික ව්‍යාපාරයෙන් චෝදනා වැලක්..

May 27, 2018 at 5:30 pm | lanka C news
පාරිබෝගික විමර්ශණ සංගමයට එරෙහිව පාරිබෝගික ව්‍යාපාරයෙන් චෝදනා වැලක්..

පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

2018/05/27 දින ඔබ අඩවියේ “ පාරිභෝගික -පාරිභෝගික සංගම් ගැටේ’’ යන ශීර්ෂය යටතේ පළකරන ලද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අප සංවිධානය විසින් පහත පිළිතුර ඔබ පුවත් අඩවිය වෙත යොමුකරන අතර ඒ සදහා අවශ්‍ය ප්‍රචාරණය ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

01.පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ පිහිටුවන ලද නීත්‍යානුකූල සංවිධානයකි.(ලියාපදිංචි අංක CAA/CO/397) එම නිසා එය ඊනියා සංවිධානයක් ලෙස නම් කිරීමට අප සංවිධානය දැඩිව විරෝධය පළකරන අතර කොළඔ විශ්ව විද්‍යාලයේ නීති පීඨය ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ ආයතන අප සංවිධානයයේ ක්‍රීයාකාරීත්වය පැසසුමට ලක්කර ඇති බවත් කහටගස්දිගිලිය මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයෙදී අප සංගමය පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනීසිටීම සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රශංසාව අප වෙත පළකර ඇති බවත් තව දුරටත් දන්වා සිටිමි. තවද අප සංගමයේ මැදිහත්වීම  තුලින් මෙරට පාරිභෝගිකයන්හට ජයග්‍රහණයන් විශාල සංඛ්‍යාවක් ලබාදී ඇති බවද සතුටින් ප්‍රකාශ කරමි. අප පෙනී සිටින්නේ මෙරට පාරිභෝගිකයන් වෙනුවෙන් බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙනුවෙන් නොවන බවත් අවධාරණය කරමු,

  1. පාරිභෝගික කටයුතු අධිකාරීයේ විශේෂ වැටලීම් ඒකකයක් පිහිටුවා තිබෙන බවත් එය නීති විරෝධී ඒකකයක් බවත් අප තව දුරටත් ප්‍රකාශ කරමු. මන්දයත් ඒවැනි ඒකකයක් පිහිටුවාලීමට නීතියේ කිසිදු ප්‍රතිපාදනයක් නොමැත. එසේ තිබියදී එවැනි ඒකකයක් පිහිටුවා එහි ප්‍රධානියා ලෙස ලංකා දික්කුබුර පත්කිරීම කෙසේවත් කල නොහැක්කේ ලංකා දික්කුබුර යනු පාරිභෝගික අධිකාරියේ අදක්ෂම නිලධාරියා වන බැවිනි. පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් 400 ක් සේවය කරන අතර ඉන් නිලධාරීන් 394 ක් ම උපාධිධාරීන්ය. විමර්ශණ නිළධාරියෙක් වීම සදහා විශ්වවිද්‍යාලයයක උපාධියක් තිබීම අනිවාර්ය වූවත් 2005 වසරේදී නිළධාරීන් 7 දෙනෙකු උපාධි නොමැතිව දේශපාලන තීරණයක් මත පාරිභෝගික අධිකාරියට විමර්ශන නිලධාරීන් ලෙස බදවාගෙන ඇත. ඉන් එක් අයෙකු පසුව විශ්ව විද්‍යාලයක උපාධියක් ලබා නියමිත සුසුදුසුකම් සපුරා ඇත. ලංකා දික්කුබුර ඇතුළු විමර්ශන නිලධාරීන් 6 දෙනෙකු තවමත් විශ්ව විද්‍යාලයක උපාධියක් ලබාගෙන නොමැති අතර රජයේ සේවකයෙකුට අවශ්‍යවන කාර්යක්ෂමතා කඩඉම් විභාගයද ලංකා දික්කුබුර තවමත් සමත් වී නැත. මෙසේ තිබියදී ලංකා දික්කුබුර පාරිභෝගික අධිකාරියේ දක්ෂම විමර්ශන නිලධාරියා යැයි පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවාරයා කීම හාස්‍ය ජනකය. පාරිභෝගික අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරීන් 27 දෙනෙකු සේවය කරන අතර විශේෂ වැටලීම් ඒකකයක අවශ්‍යතාවයක් නොමැතිව තිබියදී විශේෂ වැටලීම් ඒකකයක් පිහිටුවා ලංකා දික්කුබුර එහි ප්‍රධානියා ලෙස පත්කර ඔහු වෙනුවෙන් කැබ් රථයක් වෙන්කර එම කැබ්  රථය සදහා රියදුරෙකු හා ඩීසල් ලබාදීම රජයේ දේපල අවභාවිතා කිරීමක් වන බැවින් ඒ සම්බන්ධදයෙන් අප සංවිධානය ඉදිරියේදී නීති මගින් කටයුතු කරන බවද දන්වමු.
  2. පාරිභෝගික කටයුතු අධිකාරියේ වෘත්තීය සමිති කිහිපයක් ඇති නමුත් විමර්ශන නිලධාරීන්ගේ සංගමය කියා ගන්නා සංවිධානය පාරිභෝගික අධිකාරිය පිළිගත් සංවිධානයක් නොවේ.එම සංගමයේ සභාපතිවරයා යැයි කියාගන්නා ශාන් යාපාරත්න පාරිභෝගික අධිකාරියේ මානව සම්පත් අංශයේ නිලධාරිනියකට තර්ජනය කිරීමක්  සම්බන්ධයෙන් දඩුවම් ලද අයෙකි.
  3. පාරිභෝගික කටයුතු අධිකාරියේ සදුසුකම් නොමැති පූර්ණකාලීන සාමාජිකයෙක් වන නිමත්දීන් යන අයට මුවාවී පාලන අධිකාරිය බියගන්වමින් ලංකා දිකුබුර කටයුතු කරන බවට සාධක කිහිපයක් අපට ඉදිරිපත් කල හැක.
  4. 2016 වසරේදී අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ලංකා දික්කුබුරගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් ආරම්භ කරත් එය අවසානයේදී අතර මග නවතා ඇත.
  5. B. ලංකා දික්කුබුර වසර 14 ක් එකම ස්ථානයේ සේවය කරන්නේ ජාතික සේවක සංගමයේ සභාපති තනතුරට මුවාවී වන අතර විමර්ශන නිලධාරියකුට එකම ස්ථානයේ සේවය කලහැක්කේ වසර 4 කි. වෘත්තීය සමිති නායකයෙකුටද එම නීතිය පොදු වන අතර ඔහුට අවශ්‍යනම් සේවයෙන් නිදහස් විය හැක. එහෙත් ඔහු සේවයෙන් නිදහස් වී නැත.
  6. C. රාජකාරි කටයුතක් සදහා මඩකලපුව බලා යන අතරතුර කල්අඩි පාලම ලග ඡායාරූප ගෙන මුහුණු පොතේ දැමීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ලංකා දික්කුබුරට එරෙහිව ආරම්භ කලද එම විනය පරීක්ෂණයද අතරමග ඇන හිටියේ පාරිභෝගික කටයුතු අධිකාරියේ සදුසුකම් නොමැති පූර්ණකාලීන සාමාජිකයෙක් වන නිමත්දීන්ගේ මැදිහත් වීමෙනි.

පාරිභෝගික අධිකාරියේ පාලන අධිකාරිය විශේෂයෙන්ම සභාපතිවරයා, අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ මානව සම්පත් අධ්‍යක්ෂකවරයා  ලංකා දික්කුබුරගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇත.

  1. පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය පිළිබදව අප සංවිධානය එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක් වන සමන්තා කරුණාරත්නගෙන් විමසූවිට ඇය කියා සිටියේ එවැනි ඒකකයක් ඇති බවත් සහකාර අධ්‍යක්ෂක ජසූර් මහතා ඒහි ප්‍රධානියා බවත්ය. එහෙත් සහකාර අධ්‍යක්ෂක ජසූර් මහතාගෙන් අප විමසූවිට ඔහු පැවසූවේ ලංකා දික්කුබුර පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම්  ඒකකයේ ප්‍රධානියා බවය.(අවශ්‍ය හඩ පට අප සතුවේ) අපට පැහැදිලිවන්නේ පාරිභෝගික අධිකාරියත් අධිකාරියේ විශේෂ වැටලීම්  ඒකකයේ ප්‍රධානියා කවුරුන්ද යන්න නොදන්නා බවයි. කෙසේ වෙතත් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නියෝග ලබාදෙන්නේ සහකාර අධ්‍යක්ෂක ජසූර් මහතාට නම් හා ඔහු එම බලය වෙනත් වෙනත් අයෙකුට  පැවරීම නීති විරෝධී මෙන්ම අදාල වැටලීමද නීති විරෝධී වේ. ඒ සම්බන්ධයෙන්ද අප සංවිධානය කරුණු අනාවරණය කරමින් සිටී.

කෙසේ වෙතත් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්‍රියාකාරිත්වය පිළිබදව සැක සංකා ඇතිවන බැවින් ඒ පිළිබදව සොයා බලන ලෙසත් ඔබ ඒ පිලිභාදව දන්නා කරුණු අප සංවිධානයේ පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින අතර අප විසින් එම කරුණු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට ඉදිරීපත් කිරීමට කටයුතු කරන බවත් දන්වමි.

රංජිත් විතානගේ
සභාපති

186 views

2 Comments to “පාරිබෝගික විමර්ශණ සංගමයට එරෙහිව පාරිබෝගික ව්‍යාපාරයෙන් චෝදනා වැලක්..”

  1. දුර කථන අංක කෝ?

  2. අමෙර් says:

    මේ සංවිධානය බොරුවක්, බෝඩ් ලෑල්ලට පමණක් පවතින එකක්, අර බයිසිකල් සංගමයත් ඔහොමයි, එකම පිරිසක් කරන්නේ ඒකේ අය මේකේත් ඉන්නවා, බෝඩ් ලෑලි සංවිධානයක්. නැතිව මහපොලොවේ තියෙන එකක් නෙවෙයි.

Main News