පාරිභෝගික අධිකාරියේ නීති විරෝධී විශේෂ වැටලීම් ඒකකයක්.. ඇමතිවරයාට හිතවත් නැති ව්‍යාපාරිකයින් මර්ධන කරයි..

May 23, 2018 at 4:40 pm | lanka C news
පාරිභෝගික අධිකාරියේ නීති විරෝධී විශේෂ වැටලීම් ඒකකයක්.. ඇමතිවරයාට හිතවත් නැති ව්‍යාපාරිකයින් මර්ධන කරයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාරිභෝගික අධිකාරියේ නීති විරෝධී විශේෂ වැටලීම් ඒකකයක්.

 

2003 අංක 9 දරණපාරිභෝගික කටයුතු අධිකාරී පනතේ සදහන් නොවන හා ඇමතිවරයාට හිතවත් නොවන ව්‍යාපාරිකයින් මර්ධන කිරීම සදහා වන  විශේෂ වැටලීම් ඒකකයක් පිහිටුවා ගනිමින්  පාරිභෝගික අධිකාරිය ව්‍යාපාරිකයන් දඩයම් කරමින් සිටී. එම ඒකකයේ ප්‍රධානියා කවුද? යන්න පාරිභෝගික අධිකාරිය පවා පැහැදිලිව නොදන්නා බව පෙනී යයි.

කෙසේවෙතත් අප කල සොයා බැලීමකදී තහවුරැ වූයේ එම විශේෂ වැටලීම් ඒකකය පිහිටුවා තිබෙන්නේ පාරිභෝගික අධිකාරියේ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා වන ලංකා දික්කුබුර නමැති විමර්ශන නිලධාරියා සතුටු කිරීමට බවයි. පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරියකුට විශ්ව විද්‍යාල උපාධියක් තිබීම මූලික සුදුසුකමක් වූවත් ලංකා දික්කුබුර නමැති නිලධාරියාට විශ්ව විද්‍යාලයක උපාධියක් නොමැත. 2004 වසරේදී ඔහු දේශපාලන හිතවත් කමක් මත පාරිභෝගික අධිකාරියට බදවා ගෙන ඇත. වසර 14 ක් ගත වූවත් ඔහු විමර්ශන නිලධාරියකුට තිබිය යුතු මූලික සුදුසුකම වන විශ්ව විද්‍යාලයකින්  උපාධියක් ලබාගෙන නැත.

අවස්ථා කිහිපයකදී ඔහු විසින් ජේෂ්ඨ විමර්ශන නිලධාරියකු ලෙස තමන් පත්කරන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා ඇතත් ඔහුට මූලික සුසුසුකම් නොමැති බව ඇමතිවරයා පවසා ඇත. එම පිළිතුරෙන් කුපිත වූ ඔහු තමන් ජාතික සේවක සංගමයේ සභාපතිවරයා බවත් ඇමතිවරයාට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බවත් පවසා ඇත, ඒ අනුව ඇමතිවරයා විසින් පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කර එහි ප්‍රධානියා බවට ඔහු පත්කර ඇත. ලංකා දික්කුබුර නැමති අය හිටපු මුදල් ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සේවය කල හා එක්සත් ජාතික පක්ෂයෙන් 2004 වසරේ බස්නාහිර පළාත් සභාවට තරග කල සම්පත් දික්කුබුරගේ සහෝදරයකි.

අප රජයෙන් ඉල්ලා සිටින්නේ වෘත්තීය සමිති නායකයින් සතුටු කිරීමට නීති වීරෝධී ඒකක පිහිටුවා ජනතාව පීඩාවට පත් නොකරන ලෙස හා සාධාරණ වැටලීම් කර පරිභෝගිකයා ගසා කන වෙළෙන්දන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

රංජිත් විතානගේ

67 views

3 Comments to “පාරිභෝගික අධිකාරියේ නීති විරෝධී විශේෂ වැටලීම් ඒකකයක්.. ඇමතිවරයාට හිතවත් නැති ව්‍යාපාරිකයින් මර්ධන කරයි..”

  1. Nalaka says:

    මේ වනවිට රටේම නීතිය ක්‍රියත්මක කරන්නෙ මේ විදිහට තමා….

  2. Open mind says:

    ඔය සංවිධානය තුළ ඉන්න අයගේ සුදුසු කම් මොනවා ද ?

  3. Lanka dikkumbura says:

    කොළඹ ජාතික අක්ෂි රොහලේ ආපනශාලාවේ 2017 වසරේ කල් ඉකුත් වූ තේ කොළ යොදා ගෙන අහිංසක රෝගීන් හට හා එහි කාර්ය මණ්ඩලයට තේ සාදා අලෙවි කිරීමේදි මා ඇතුලු නිලධාරීන් වැටලීමක් සිදුකල අතර,එ සදහා නීතිමය කටයුතු සිදු නොකරන ලෙස දිගින් දිගටම බලපෑම් කල පාරිභෝගික සුරකින්න කියලා බෝඩ් ගහගෙන හිගාකන සංවිධායකයෝ හා ආපනශාලාවක් තියා බුලත් කඩයක්වත් නැති ආපනශාලා හිමි කියන මෝඩ බල්ලට හොදටම රිදිලා….මුන් කියන්නේ මුන් සිංහල නිසා ඕනම අලුගුත්තේරු වැඩක් මුන්ට කරන්න දෙන්න කියලා..මුන්ටදැනුයි ඇහැරිලා තියෙන්නේ

Main News