පාරිභෝගික-පාරිභෝගික සංගම් ගැටේ..

May 27, 2018 at 8:02 am | lanka C news
පාරිභෝගික-පාරිභෝගික සංගම් ගැටේ..

සමස්ත ලංකා පාරිභෝගික අධිකාරි විමර්ශන නිලධාරීන් ගේ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

පසු ගිය දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ නම් ඊනියා සංවිධානයේ රංජිත් විතානගේ කියන පුද්ගලයා විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ වැටලීම් එකකය හා එහි කාර්ය පිළිබඳ සිදු කර ඇති නිවේදනය අප සංගමය ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.

එම නිවේදනයේ සඳහන් ආකාරයට කිසිදු නීත්‍යානුකූල නොවන පත් වීමක් සිදු කර නොමැති අතර,එම එකකය මගින් වැටලීම් සිදුකරනුයේ මහජන පැමිණිලි හා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුමන්ගේ නියෝග මත පමණි.

එම එකකය භාරව කටයුතු සිදු කරන විමර්ශන නිලධාරී ලංකා දික්කුඹුර මහතා අධිකාරියේ ජේෂ්ඨතම විමර්ශන නිලධාරියා මෙන්ම සමස්ත ලංකා පාරිභෝගික අධිකාරි විමර්ශන නිලධාරීන් ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස ආරම්භයේ සිට මේ දක්වා කටයුතු සිදුකර ඇති දක්ෂ නිලධාරීයෙකි..

තවද එම එකකය මගින් සිදුකරන ලද වැටලීම් සදහා කිසිදු දේශපාලන හෝ පුද්ගලික බලපෑමක් නොමැති අතර නිවේදනයේ සදහන් ආකාරයට ගරුඅමාත්‍යතුමන්ගේ අවශ්‍යතා මත සිදු කර ඇති කිසිදු වැටලීමක් හෝ නඩු පැවරීමක් නොමැත..

එවැනි නඩු පැවරීමක් සිදුකර ඇති බව අදාළ සංගමය ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරන අතර එසේ ඔප්පු කර පෙන්වුවහොත් විමර්ශන නිලධාරීන් ගේ සංගමය සංගමය විසුරුවා හරින බව දන්වා දන්වා සිටීමට කැමැත්තෙමු..

ශාන් යාපාරත්න
සභාපති
සමස්ත ලංකා පාරිභෝගික අධිකාරි විමර්ශන නිලධාරීන් ගේ සංගමය

74 views
Main News