පාරිභෝගික මුදලින් විදුලි සේවක බදු මුදල් ගෙවයි.. ලංවිම නිළධාරී බදු වංචාව අලුත් මුහුණුවරකින්..

May 25, 2020 at 8:40 am | lanka C news
පාරිභෝගික මුදලින් විදුලි සේවක බදු මුදල් ගෙවයි.. ලංවිම නිළධාරී බදු වංචාව අලුත් මුහුණුවරකින්..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

විදුලි පාරිභෝගිකයාගේ මුදලින් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ බදු මුදල් ගෙවීමට මෙම රජයත් තීරණය කරයි. ලංවිම නිළධාරීන්ගේ බදු වංචාව අලුත් මුහුණුවරකින්

ලංවිම ඉංජිනේරුවන් ඇතුළු ඉහල නිළධාරීන් විසින් ගෙවිය යුතු උපයන විට බදු ගෙවීම ඔවුන්ගේ වැටුපෙන් අයකර ගන්නවා වෙනුවට විදුලි පාරිභෝගිකයාගෙන් අයකර ගෙවීම මෙතෙක් සිදු කර ගෙන ගියේ නීති විරෝධීවය. වැටුප් පරිමාණ වලට අනුව සියළුම රජයේ හා පුද්ගලික අංශයේ සේවකයින්ගෙ වැටුපෙන් උපයන විට ගෙවන බද්ද අඩු කර දේශීය ආදායම්දෙපාර්තමේන්තුවට අදාල ආයතනය විසින් ගෙවිය යුතුවීම සාමාන්‍ය ක්‍රමවේදයයි. එහෙත් ලංකා විදුලි බලමණ්ඩලය විසින් මේ දක්වා කර ඇත්තේ සිය සේවකයින්ගේ ආදායම් බදු විදුලිපාරිභෝගිකයින්ගෙන් අයකර දේශීය දෙපාර්තමේන්තුවට ගෙවීමයි. මෙය අදාල බදු පනත උල්ලංඝණය කිරීමකි. මේ ආකාරයට බදු පනත උල්ලංඝනය කරමින් ලංවිම ඉංජිනේරුවන්ඇතුළු ඉහල නිලධාරීන් විසින් වංචා කර ඇති බදු ප්‍රමාණය රුපියල් කෝටි 500 ඉක්මවයි.

මෙම බදුවංචාවට ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂමණ්ඩලය හා සාමාන්‍යාධිකාරිවරයා ඝෘජුව සහාය දක්වා ඇත. විගණකාධිපතිතුමා විසින් 2015 වසරේ සිට මෙම බදු වංචාව හෙලි කර ඇතත් යහපාලන රජය මෙම බදු වංචාවට සහාය දක්වමින් විගණාකාධිපතිවරයාගේ නිර්දේෂ යට ගසා ඇත. මේ බදුවංචාව යටතේ වසරකට රුපියල් මිලියන 400කට අධික බදු මුදලක් විදුලිපාරිභෝගිකයින් මත පැටවී ඇත.

නව රජය බලයට පත්වීමෙන් පසුව උපයන විට බද්ද වෙනුවට ඝෘජුවම අදාල නිලධාරියා විසින් සිය අදායම් බද්ද ගෙවිය යුතු ක්‍රමයක් හදුන්වා දී ඇත. කෙසේ වෙතත් එම බද්ද ද ලංවිම නිලධාරීන් වෙනුවෙන් ලංවිම විසින් ගෙවීමට යෝජනා කර තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගිය කාලයේ උපයන ලංවිම විසින් ගෙවන ලද බද්ද නව රජය යටතේ ද ලංවිම විසින්ම ගෙවීම සදහා පිඹුරුපත් සකසා අවසන් කර ඇත.

ලංවිම සභාපතිවරයාගේ දේශපාලන වුවමනා ඉටුකරගැනීම සදහා ලංවිම ඉහල නිලධාරීන්ට ලබාදෙන මේ බදු සහන වරදානය අවසානයේ ගෙවීමට සිදුවන්නේ මෙරට දුප්පත් විදුලි පාරිභෝගිකයාට වේ. රජයට අය විය යුතු බදු මුදල් රජයේ මුදලින් ම ගෙවීමේ තීරණය ගත් ලංකා විදුලි බල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලය තුල මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙක් ද වේ. බදු පනතට හා නීතියට එරෙහිව නිලධාරීන්ගේ ආදායම් බදුරජයේ මුදලින් ගෙවීමට ගත් තීරණයට මහා භාණ්ඩාගාරයේ නියෝජිතයා කල යුතුව ඇත්තේ විරෝධය පල කිරීමය. එහෙත් මෙම බදු වංචාව පිළිබද තීරණය භාණ්ඩාගාර නියෝජිතයාද එකගතාවය පල කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය මුදල් අවභාවිතා කරන ලංවිම පාලන අධිකාරියා හා එහි ඉහල නිලධාරීන්ට එරෙහිව වහා නීතියක්‍රියාත්මක කල යුතු ය.

මෙම බදු වංචාව නැවත්වීම සදහා රජය තීරණය නොකලහොත් විදුලි බිල්පත් නොගෙවීමේ ව්‍යාපාරයක් දියත් කිරීමට මෙරට ලක්ෂ 65ක් වු විදුලි පාරිභෝගිකයින් පියවර ගත යුතුව ඇත.

ජනාධිපති ලේකම්වරයා රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ මාසයක වැටුප කොරෝනා අරමුදල සදහා පරිත්‍යාග කරන ලෙසයි. මෙරට බහුතරයක් රජයේ සේවකයින්ගේ වැටුප රැපියල් 35000.00 පමණය. එහෙත් විදුලිබල මණ්ඩලයේ ඉහළ නිළධාරියෙකුගේ වැටුප රැපියල් ලක්ෂ දෙකකට හෝ තුනකට වඩා වැඩි ගණනකි. නමුත් විදුලිබල මණ්ඩලයේ ඉහළ නිළධාරීන්ගේ ආදායම් බදු මුදල් ගෙවන්නේ විදුලි පාරිභෝගිකයාගෙන් මුදල් ලබා ගෙන රජයයි.

රොබුන් හුඩ් පොහොසතුන්ගෙන් මුදල් ගෙන දුප්පතුන්ට බෙදා දුන් අතර පී.බී ජයසුන්දර කරන්නේ දුප්පතුන්ගෙන අරගෙන පොහොසතුන්ට ලබා දීමය.

ජනාධිපතිතුමණි වහා මැදිහත් වන්න.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

 

20,069 Viewers

10 Comments to “පාරිභෝගික මුදලින් විදුලි සේවක බදු මුදල් ගෙවයි.. ලංවිම නිළධාරී බදු වංචාව අලුත් මුහුණුවරකින්..”

  1. අල්ලපු ගෙදර තිනන් says:

    මෙහෙම එක එක ආයතන වලට තමන්ට කැමැති බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් ද?

  2. APerera says:

    Now the Government can…………………..????????????

  3. saman says:

    රොබුන් හුඩ් පොහොසතුන්ගෙන් මුදල් ගෙන දුප්පතුන්ට බෙදා දුන් අතර පී.බී ජයසුන්දර කරන්නේ දුප්පතුන්ගෙන අරගෙන පොහොසතුන්ට ලබා දීමය.

    siri bara siri lankaawa

  4. දලු බන්ඩා says:

    ජනතාවගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයන් සදහා බලපෑම් කරමින් තමන්ගේ සියලුම දේ ලබාගන්නා මුන් උන්ගේ බදුමුදලුත් අහිංසක ජනතාවගෙන්ම හූරා කෑම වහාම නැවැත්වීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ අවධානය යොමුකරන මෙන් ඉල්ලා සිටිමු

  5. Worker.Comm says:

    ණය නිසා මරණය ලගා වෙමින් ඇත.ආර්ථිකය දිනෙන් දින මාරාන්තික වී ජනතාවගේ ගෙල මේ තරම් හිරවී යාමට ප්‍රධාන හේතුව ජනතාව බඩ ගින්නේ තබා, බදු පිට බදු ගසමින් මේ කොරෝනා අර්බුදය මොහොතේත් බටහිරට අමානුෂික ලෙස ණය ගෙවාදමමින් සිටීමයි.මේ කාරණය ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ සියලුම පක්ෂ (ජවිපේ, පෙරටුගාමීන් ඇතුලුව) නොදැකීම හා ඒ පිලිබඳව කතා නොකිරීම පුදුම සහගතය.ඔවුන්ගේ භූමිකාව එම සත්‍යය ජනතාවගෙන් සගවා තැබීමද යන සැකය අපට පහල වේ මෙවැනි ආර්ථික අසාද්‍යභාවයකින් බෙරීමට රටවලට හැකි වී ඇති එකම මග ණය ගෙවීම අත්හිටවීම හෝ ණය ගෙවා දැමීම නවතා දැමීම පමණි.
    ජනතාව මේ ණය ගෙවීමට එරෙහි වී ණය ගෙවීම වළකා දැමිය යුතුයි.නැතහොත් ණය ගෙවීම අත්හිටවන රජයක් පත් කර ගත යුතුයි.රටට මේ මොහෙතේ ඇති එකම ආර්ථික විසදුම එයයි.

    • Worker.Comm says:

      මහා භාණ්ඩාගාරයේ පතුලේ විශාල හිලකි.රට උපයා මහා භාණ්ඩාගාරයට හලන සියලු දේ මේ පතුලේ වූ හිලෙන් ණය වාරික හා පොලී වශයෙන් එසැනින් අතුරැ දහන් වේ.
      පතුලේ විශාල හිලක් සහිත ආර්ථිකය පතුල හිල්වී ගිලෙමින් ඇති නැවකට සමාන කර බලමු.අද අප කරන්නේ පිලියම් වශයෙන් නැවේ කප්පිත්තා මාරැ කිරීම,නව කාර්යය මණ්ඩලයක් පත්කර ගැනීම වැනි මාරාණ්තික විහිලුය.ඇතැමුන් ඒ අතර පරණ කාර්යය මණ්ඩලය හිදැද්දී මෙතරම් නැව ගිලී නොතිබිණැයි යන තරකයේ හිදිමින් පිලියම් ලෙස පරණ කාර්යය මණ්ඩලයට නැවත නැව භාර දීමද යෝජනා කරයි.නමුත් සැබෑ පිලියම වන්නේ පතුලේ කාන්දුව නවතා දැමීම (ණය ගෙවීම නවතා දැමීම ) හෝ වෙන නැවකට පැන ගැනීම පමණි.

  6. ලක්වැසියා says:

    මෙම බදු වංචාව නැවත්වීම සදහා රජය තීරණය නොකලහොත් විදුලි බිල්පත් නොගෙවීමේ ව්‍යාපාරයක් දියත් කිරීමට මෙරට ලක්ෂ 65ක් වු විදුලි පාරිභෝගිකයින් පියවර ගත යුතුව ඇත. –

    මේකනම් ඇත්ත. හොරකම දිගටම යනවනම් මිනිස්සුවත් එකතුවෙලා පියවරක් ගන්න ඕනෙ.

    අවාසනාවට එක එක වෘත්තීය කණ්ඩායම් වල මාෆියාවන් මේ රටේ තදින්ම ක්‍රියාත්මක වෙනවා. උන්ගෙනුත් බහුතරයක් එවුන් මේ රටේ ජනතා මුදලින් පිනට ඉගෙනගත්ත එවුන් වීම ඊටත් වඩා අවාසනාවක්.

  7. MR says:

    Mei niladaareen jala widuliya hariyata kalamanakaranaya karanneth naha.kotchara wassath sumanayak yanakota okkoma jalasha wala wathura tika arala dala aith pitin widuliya milata gannawa commis ganna oni nisa.harinam widuli bala mandalaya hamudawata pawara gatha yuthui.

  8. Chinthana says:

    P.A.Y.E Tax should be deduct from salary . It shound’t be a PAY-BACK to employee.

  9. sunimal says:

    දුෂණ පරාජය කල යුතුය ජනාදිපතිතුමා එය ඉටුකරනබව ජනතාව විස්වාස කරනවා