පාරු අනතුරට කින්නියා නගර සභාපති රිමාන්ඩ්…

November 25, 2021 at 7:15 pm | lanka C news
පාරු අනතුරට කින්නියා නගර සභාපති රිමාන්ඩ්…

කින්නියා කුරිඤ්ඤන්කේනි කළපුවේ පාරුවක් පෙරළී සිදුවූ අනතුර සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ සභාපතිවරයා රක්‍ෂිත බන්දනාගාර ගත කර ඇත.

අද පස්වරුවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වැනි දා තෙක් එසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුලු හය දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 20 දෙනෙකුට තුවාල සිදුවිය.

පොලිසිය අධිකරණයට කරුණු දැක්වූයේ අනාරක්ෂිත පාරුව කලපුව හරහාගමන් කරවීම ඇතුලු කරුණු කිහිපයක් මත සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවයි.

8,847 views

One Comment to “පාරු අනතුරට කින්නියා නගර සභාපති රිමාන්ඩ්…”

  1. wimalasena H.D. says:

    oya sabhaapathiwa vahaama nidahskorala eeye kalyaani paalama arinna mahaa lokuwata uthsawa pawathinna
    udagedi deepu ewagema ara meruna ahinsakayan venuwen vachanayakwath kathaa nokaraapu kasippu johniy
    awa vahaama arrest koranna. ekai ema paasel lamainta korana ghowravaya.

Leave a Comment

Main News