පාරේ නැත්තේ බස් විතරයි.. ඇදිරි නීතිය මැද බස් දුවන්න ක‍්‍රමයක් හදන්න..- ගැමුණු

September 13, 2021 at 12:40 pm | lanka C news
පාරේ නැත්තේ බස් විතරයි.. ඇදිරි නීතිය මැද බස් දුවන්න ක‍්‍රමයක් හදන්න..- ගැමුණු

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන මේ මොහොතේ බොහෝ කර්මාන්ත හා සේවා රට තුළ පවත්වාගෙන යමින් ඇති බවත් මාර්ගයේ ගමන් නොකරන්නේ බස්රථ පමණක් බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා පවතින තත්වය තුළ බස්රථ සේවය ද පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර දෙන්නැයි ඉල්ලා සිටින බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කීය.

කොරෝනා තත්ත්වය තුළ කර්මාන්ත පවත්වාගෙන යාමට වැඩපිළිවෙළක් සකස් කළ ද බස් කර්මාන්තය පවත්වාගෙන යාමට කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නැති වීම කණගාටුවට කාරණයක් යයිද ඔහු පැවසීය.

බස් කර්මාන්තයේ යෙදෙන බස් රථ හිමියන් දස දහසක් සහ සේවකයන් පනස් දහසක් පමණ සිටින නිසා ඔවුන් පවතින තත්ත්වය මත දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවද පැවසූ ඔහු මෙම කර්මාන්තය ද පවත්වාගෙන යාම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ද ඉල්ලා සිටී.

18,484 views

17 Comments to “පාරේ නැත්තේ බස් විතරයි.. ඇදිරි නීතිය මැද බස් දුවන්න ක‍්‍රමයක් හදන්න..- ගැමුණු”

  1. Silva says:

    ඇඳිරි නීතියට නව අරුතක් දුන් ගෝටාබය මැතිඳුනි ඔබ ගිනස් වාර්ත පොතට යායුතුය..

  2. Chathura Gunarathna says:

    me yakata pissu muta terenne nah bas damma gaman minissu papuwaruweth yanawa kiyala. oka karanna dunnama thawa pol patawagenth yanawa ita passe ithin harida?

  3. SuMa says:

    ඔබතුමාලා එක්ක මොන වැඩපිලිවෙලවල්ද? හැමදාම කරේ වැඩපිළිවෙලට අනුව ගාන වැඩිකරලා ඊටපස්සේ පොල් පටෝනවා, කොටනවා, 7න් පස්සේ ගෙදර යනවා. මගීන් අනාථයි. එයිට හොඳයි මේ විදිහට පුළුවන් හැටියට යනවා.

  4. Sunil Perera says:

    miharakek pare wahana yanne thamnge wahana wal e minissu wahana walin bassala bus wala geniyannada hadanne. mole hoda nathi katha kiyanne nathua idapan yako me welawe.

  5. Sagarika Alvis says:

    Ane aththatama oya witharai adu wela hitiye. Moko oya naththe kiyala baluwe. innawa neda oyath. idiyata kamak nah wikara karanna epa me welawe.

  6. ගෞම් ඊයාරාජ් says:

    උබලත් ඔය බස් වල ගෙදර දෙන්නා තුන්දෙනා දාගෙන හිමිහිට පාරට ඇවිල්ලා ශේප් එකේ දුවහල්ලා අවුලක් වෙන එකක් නෑ , නමට ලොක් ඩවුන් එකක් නේ තියෙන්නේ.

  7. sunimal says:

    පළමුවෙන් බසයේ පොල් පටවන එක නවත්තපන්

Main News