පාරේ ධාවනය ත්‍රී රෝද රථය එක වරම ගිනි ගෙන විනාශ වෙයි….

May 17, 2021 at 2:02 am | lanka C news
පාරේ ධාවනය ත්‍රී රෝද රථය එක වරම ගිනි ගෙන විනාශ වෙයි….

මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ මාර්ගයක ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක හදීසියේම ඇති වූ ගින්නකින් ත්‍රී රෝද රථය සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

ත්‍රී රෝද රථය ධාවනය වන අතර එයින් දුම් පිටවීම හේතුවෙන් රියදුරු ත්‍රී රෝද රථය නවතා වහාම ඉන් පිටතට දිව ගොස් ඇති අතර එම අවස්ථාවේදීම ත්‍රී රෝද රථයේ ගින්න වැඩි වී ඇත.

පසුව අසල්වාසීන් විසින් ගින්න නිවා දැමීමට පියවර ගත්තද ඒ වන විටත් ත්‍රී රෝද රථය සම්පූරණයෙන්ම ගිනි ගෙන තිබුනු අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,025 views

3 Comments to “පාරේ ධාවනය ත්‍රී රෝද රථය එක වරම ගිනි ගෙන විනාශ වෙයි….”

  1. Haramanis says:

    One of the most cursed vehicle categories on the roads.

  2. කොල්ලා says:

    එක් ත්‍රී රෝද රථ කාණ්ඩයක කාබලේටර් එකෙන් ඕවර්ෆ්ලෝ බටයක් තියෙනව. ඒක තෙල් ටැංකියට උඩින් රඳවල තියෙන්නෙ. ඒ බටය රැඳවුමෙන් ගිලිහිලා පහලට වැටුනොත් වෙන්නෙ ඒකෙන් තෙල් පිටවෙනව නොනවත්වාම. ඊට පස්සෙ ඉතින් පොඩි ගිනි පුපුරක් ඇති මේ වගේ වෙන්න. මේක හැම ත්‍රීවීලර් කාණ්ඩයකම නැහැ. ත්‍රී වීලර් එකේ තියෙන්නෙ ඕවර් ෆ්ලෝ බටයක් තියෙන කාබලේටරයක් නම් ඒක මාරු කරගන්න. ( මේ පුවතේ සඳහන් ගින්නට හේතුව මේකමද දන්නෙ නැහැ. නමුත් ගොඩක් ගිනි වලට හේතුව මේක)

  3. Conspiracy Theorist says:

    Maybe its to claim insurance? Come to think of it. This is actually a safe way to claim insurance on a vehicle.