පාර අයිනේ වලකට වැටී අයෙක් මිය යයි…

April 26, 2020 at 6:48 pm | lanka C news
පාර අයිනේ වලකට වැටී අයෙක් මිය යයි…

වව්නියාව භාරතීපුරම් ප්‍රදේශයේ පිහිටි මාර්ගයක් අසල තිබූ වලකට වැටීමේන් වයෝවෘද්ද පුද්ගලයෙකු මිය ගොස් සිටියදී  ඊයේ (25) දින මළ සිරුර සොයාගත්  බවට වව්නියාව පොලීසිය පවසයි.

වව්නියාව කට්පගපුරම් ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි අයි. පුලෙන්ද්‍රන් නැමති පුදගලයා පාපැදියෙන් ගමන් කරමින් සිටියදී මාර්ගය ආසන්නයේ හාරා තිබූ වලකට පැපැදිය සමග වැටී ඇති වලේ වතුර පිරී තිබීම හේතුවෙන් ජලය පෙවී මෙම වයෝවෘද්ද පුද්ගලයා මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය සැක පල කරයි.

භාරතීපුරම් මාර්ගයේ සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් මෙම වල හාරා ඇති අතර එය අනාරක්ෂිත අයුරින් තබීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

87 views

12 Comments to “පාර අයිනේ වලකට වැටී අයෙක් මිය යයි…”

  1. Dubba says:

    මේ අයට පිට රට වලනම් වන්දි ගෙවනවා. නඩුවක් දැමිය යුතුයි අදාල ආයතනයට විරුද්ධව.

    • ඉත්තෑවා says:

      අනිවා, නඩු දමා වන්දි ඉල්ලිය හැකියි.

  2. කමල් says:

    සංවර්ධන වැඩවලට කුලී වැඩ සහ එදිනෙදා ජීවිකාව සොයාගන්නා අයලුවන් යොදවා ගැනීම, ඉදිරියේදී වර්ෂාව මගින් ඇතිවන ගංවතුර පාලනය සඳහා කාණු පද්ධති සකස් කිරීමට කණ්ඩායම් යොදවා ගැනීම එම අයට රු 5000 දිමනාව අමතර වශයෙන් ගෙවීම මගින් රු 5000 ලබාගන්නා වංචනිකයන් මර්ධනය කල හැකිවීම සහ ජීවනෝපායන් නිර්මාණය කරගත හැකි වනු ඇත (රු 5000 ලබාදීමේදී එදිනෙදා කුලී වැඩ කරන ලෙස සටහන් කරගත් පුද්ගලයින් කැඳවන්න, නොයන අය වෙන් කරගන්න)

  3. උපාලි says:

    මහපොළොවමත සිදුවන සියලුම දේ නානලා සහ දමිළ ඩයස්පෝරාව නිසා සිදුවන බව සිතන මන්දබුද්දික ආකල්ප වලින් තොර උදාර ජනසමාජයක ජීවත් වීමට හෙට පරපුරට වාසානාව උදාවේවා. බුදු සරනයි. දෙවි පිහිටයි.

    • සයිබර් නානා says:

      කවුද බං මූ. මං හිතන්නෙ NGO කාක්කෙක්. තට්ට වියන්ගොඩයා වෙන නමකින් ලියනව වගේ . පාස්කු බෝම්බ කාරයො නඩු වලින් බේරෙන්න ආණ්ඩුවට වෙට්ටු දාන්න කොන්ත්‍රාත්තුවක් ගත් එකෙක්ද කොහෙද

      • උපාලි says:

        😂 බුදු සරන සෙවීම NGO ක්‍රියාවක්බව සිතීමට තරම් ඔබතුමා අන්ද වහලෙකු වීම පිලිබඳව මගේ කනගාටුවට පලකරමි. නමුත් ඔබේ ගොන්කම ආඩම්බර ලෙස පෙන්වීමේ පරම අයිතියට ගරුකරමි.

    • Chinthana says:

      You may be half boiled chicken.

    • ටොයිබයියා says:

      සියළු ජාතිවාදීන් සමගම සියළු දේ සිදුවන්නේ සිංහළයන් නිසා හිතන උඹල වගේ සුළු ජාතික ගෝත්රිකයිනුත් නැති කළ යුතුයි

    • John the Baptist says:

      මෙරටට අහිතරකර බොහෝමයක් දේ කරණු ලබන්නේ
      හම්බයන් සහ කල්ලතෝණීන් විසින්බව තේරුම් ගැනීමට
      තරම් මොලයක් උඹට පහලවේවා!

  4. Sri lankan says:

    Barathi puram..indiyaweda..??

  5. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

Main News