පාර කාපට් කලාම CEB, Water Baord නැවත කැඩීම වලක්වන්න පියවර

September 10, 2020 at 6:48 pm | lanka C news

මාර්ග සංවර්ධනය සිදු කිරීමේදී ජල සම්පාදන මණ්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු මාර්ග පද්ධතිය තුළ විවිධ සංවර්ධන කටයුතු සිදු කරනු ලබන ආයතන සමග මනා සම්බන්ධතාවයක් ඇතිව ඉදිරියේදී මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාර්ග සංවර්ධන ගැටළු පිළිබදව අදාළ ආයතන සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ජාවකදීය.

පසුගිය අවුරුදු ගණනාවක් පුරා සිදුවුයේ මාර්ග පද්ධතිය ඉදි කිරීම අවසන් වෙලා ටික කාලයකින් ජල සම්පාදන මණ්ඩලය හෝ විදුලි බල මණ්ඩලය ඔවුනගේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මාර්ගය හැරීම හෝ කැපීම සිදු කිරීමයි. එම කටයුතු නිසා මාර්ග පද්ධතියට විශාල හානියක් සිදුවුනා වගේම මහජන බදු මුදල් නිරපරාදේ නාස්ති වුනා. මෙම තත්ත්වය පිළිබද හොදින් සොයා බලා ජලනල එලීම මෙන්ම භුගත විදුලි රැහැන් එලිම පිළිබදව අදාළ ආයතන සමග නිසි සම්බන්ධීකරණයක් ඇතිව මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන ලෙස අදාළ බලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ජනතා බදු මුදල් මත රටේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී මුදල් නාස්තියකින් තොරව සංවර්ධන ප්‍රතිලාභ උපරිම අයුරින් ජනතාවට ලබා දීම වෙනුවෙන් කටයුතු කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, වත්තල මාබෝල නගර සභා නියෝජිතයින්, වත්තල ප්‍රාදේශීය සභා නියෝජිතයින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

– media unit

31,352 views

14 Comments to “පාර කාපට් කලාම CEB, Water Baord නැවත කැඩීම වලක්වන්න පියවර”

  1. chamath says:

    උපදෙස් දුන්නම මෙන්න කියල කරයි

    • tutu says:

      ජඩපාලන පොන්නයියලා වගේ නෙවෙයි නියෝග ක්‍රියාත්මක නොකලොත් උං #කෝගත්තා කියලා දැනගං

  2. Cool says:

    ඇමති තුමෙනි, මේ පාරවල් හරහට වතුර දෙන්න පාරවල් කඩා වසා නොයන අවස්ථා කොතෙකුත් දැක ඇත. ඒ නිසා අනතුරු සිද්ද වෙන අවස්ථාත් ඇත. මෙය කඩන අයටම සැදීමට නීතියක් ගෙන එන්න හැබැයි ප්‍රමිතියට.

    • ගෙට වතුර ගත් එකා says:

      ගෙදරට වතුර ගන්න ගියහම ප්‍රාදේශීය සභාවෙන් හරි නගර සභාවෙන් හරි පාර කඩන්න අවසර ගනිද්දි පාර හදන්න සල්ලි බඳින්න වෙනවා. ජලසම්පාදන එකාලා දන්නෙ නෑ බටේ කොහෙ තියේද කියලා. උන් බැකෝ එකෙන් පාර පුරාම කඩලා වතුර සප්ලයි එක දීල යනවා. පාර හැදෙන්න තව අවුරුදු කිහිපයකික් යනවා. එතකල් පාරෙ යන එවුන් හාරපු එවුන්ගේ අම්මා මතක් කර කර වලවල් වල වැටි වැටි යනවා.

  3. වන්නියා says:

    හින්නිකිතර කොංතරත් එකක් කොරං අමාරුවෙං ජීවත් උනා , ඒකත් හබක් .

  4. ගොමයා says:

    Whoever has taken the decision. Very good, hats off. This should have decided very long ago.

  5. Sirimal says:

    කොරයි මෙන්න කියල

    • tutu says:

      මෙන්න කියල බැරිනං අන්න කියල හරි නියෝග ක්‍රියාත්මක වෙන්න ඕන. නැත්තං උන් ඉල්ලං #කෝගත්තා වෙනවා

  6. ජඩසම්පාදනේ says:

    පාරෙ තියන ලංවිම හෝ ජජහාජම මෑන් හෝල් මාර්ග සංවර්ධන අධිකාරියට අයිති නෑ. මෑන් හෝල් අළුතෙන් හැදුවොත් බනල කන්ද වගේ උසට හදනවා. පාර කාපට් කලහම පිරෙන තාර තට්ටුව නිසා පාර උස උනත් මෑන් හෝල් එක පරන විදිහටමයි. එතකොට ඒක වලක්.
    යකෝ ලංවිම, ජජහාජම ඉන්න ඉංජිනේරුවන්ට බැරිද බං පාරෙ මට්ටමට මෑන්හෝල් අළුත් කරන්න? පාර කාපට් වෙනවා මෑන්හෝල් යට ගිහින් ඈස් හෝල් වෙනවා, මෝටර් සයිකල් පදින අපි ඒවයෙ වැටිලා පියාඹලා අතපය කඩාගන්නවා. ඕවයෙ ඉන්නෙ ඉංජීනේරුවොද නැත්තං මකබාස්ලද?

  7. Sra says:

    මතුගම සිට කලුතර දෙසට හා මතුගම සිට බදුරලිය දෙසට මාර්ගයේ කානු කපා මාර්ගය විනාශ කරතිබේ . නිසියාකාරව නැවත මාර්ගය ගොඩ කරනැත.

    • සීයා පප්පා says:

      වේග සීමා පවත්වා ගැනීමේ ප්‍රායෝගික විසඳුමක් ලෙසින් මෙසේ පාර කඩා , පාර පුරා පස් ගොඩවල් ගසා තබන බව කරුණාවෙන් සලකන්න .

  8. Abba says:

    RDA at least cannot construct the manholes with the cover flushing with the road surface.

  9. neil says:

    How do you do that just instructing them?

    Do those agencies have infrastructure forecast based on asset management plans? Then inter agency liaising can solve this issue. Without creating proper processes without plugging the gaps such coordination will not happen.

Main News