ගවයෙක් හැපී බස් රථයක් උඩුකුරුව පෙරලේ…

October 4, 2018 at 8:02 am | lanka C news
ගවයෙක් හැපී බස් රථයක් උඩුකුරුව පෙරලේ…

යාපනයේ සිට කිලිනොච්චිය මුලංකාවිල් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් යාපනය සංගුපිඩ්ඩි පාලමෙදී පෙරලී යාමෙන් එහි ගමන්ගත් මගීහු දස දෙනෙකු පමණ සුලු තුවාල ලබා ඇති බවට පුනරීන් පොලීසිය කියා සිටියේය.

යාපනයේ සිට පුනරීන් හරහා මුලංකාවිල් දක්වා ධාවනය වී ඇති මෙම පෞද්ගලික බස් රථය සංගුපිඩ්ඩි පාලම ආසන්නයේදී එක වරම ගවයෙකු මාර්ගය හරහා දිව යාමත් සමග බස් රථයේ රියදුරු වෙනතකට හැරවීමට ගත් උත්සහයකදී බස් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව පෙරලි ගොස් ඇති බවට මූලික පරික්ෂණ වලදී හෙලා වී ඇත.

කෙසේ වෙතත් බස් රථය පෙරලී යාමෙන් බස් රථයට තරමක් හානි සිදු වී ඇති අතර අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් 10 කට ආසන්න පිරිසකට සුලු තුවාල ලබා ප්‍රතිකාර ගත් බවටද පරික්ෂණ සිදු කල පුනරීන් පොලීසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

25 views
Main News