පාර මාරු විමට ගිය පාසල් දැරියක් ලොරියක ගැටි බරපතලයි..
November 26, 2018 at 8:02 am | lanka C news
මස්කෙලිය නගරයේ ප්රධාන විදියේ මාර්ගය හරහා මාරු විමට ගිය පාසල් දැරියක් කුඩා ලොරි රථයක ගැටි බරපතල ලෙස තුවාල ලබා මස්කෙලිය ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම දැරිය වැඩි දුර ප්රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව මස්කෙලිය පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ මස්කෙලිය නගරයට පිවිසෙන ප්රධාන මාර්ගයේදිය.
මස්කෙලිය නගරයේ සිට මස්කෙලිය සාමිමලේ දක්වා ධාවනය වෙමින් තිබු ලොරි රථයට මෙම පාසල් දැරිය ගැටි ලොරි රථය පාසල් දැරිය මතින් ධාවනය වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය කියා සිටියේ.
තුවාල ලැබු 6 හැවිරිදි පාසල් දැරිය මස්කෙලිය ප්රදේශයේම පදිංචිකාරිනියක් බවත් ඇය සියා සහ මිත්තනිය සමග නගරයට පැමිණ ආපසු නිවස කරා යන අවස්තාවේ අපරික්ෂාකාරිව මාර්ගය හරහා මාරු විමට ගිය අවස්තාවේ මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය පවසන්නේ.
ලොරි රථයේ රියදුරා සැකපිට මස්කෙලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ