පාලකයන් ගැන තිබූ විශ්වාසය බිඳිලා.. ලොකු අප්‍රසාදයක් ඇතිවෙලා… කොරෝනාට වඩා විශාල පරිසර විනාශයක් වෙනවා..

March 18, 2021 at 3:50 pm | lanka C news
පාලකයන් ගැන තිබූ විශ්වාසය බිඳිලා.. ලොකු අප්‍රසාදයක් ඇතිවෙලා… කොරෝනාට වඩා විශාල පරිසර විනාශයක් වෙනවා..

අද මෙරට සිදුවන පරිසර විනාශය කොරෝනා වසංගතයට වඩා විනාශයක් බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ පාලකයන් ගැන තිබුණු විශාල ජනතා ප්‍රසාදය අද වන විට බිඳී ගොස් ඇති බවයි.

මාධ්‍යයට අදහස් පළ කරමින් ඔහු මෙසේ ද සඳහන් කළේය.

මේ ආණ්ඩුව ගැන රටේ මිනිස්සු පුදුම විශ්වාසයකින් හිටියේ. කොරෝනා තිබ්බා කියලා නෑ මගේ නිවසට දිනකට වාහන 7-8ක මිනිස්සු එනවා. ඒ එන හැම කෙනාම මගෙන් ප්‍රශ්න කරන්නේ නායකතුමනි රටට මොනවද වේගෙන යන්නේ කියලා. ඒ අය කතා කරන්නේ මේ දිනවල රට හැම තැනම් සිද්ධවෙන වන විනාශය පිළිබඳ. ඒ අයගේ කතා පොජ්ජෙන් මට පෙනී යන කරුණ තමයි රටේ පාලකයන් පිළිබදව තිබ්බ ලොකු විශ්වාසය බිඳිලා ලොකු අප්‍රසාදයක් ඇතිවෙලා තියෙනවා කියලා. අපේ රටට කොරෝනා වසංගතය ආවා. ඒ කොරෝනා වසංගතයට වඩා ලොකුවට දැන් කතා කරන්න වෙලා තියෙන වසංගතය තමයි රටේ ශීඝ්‍රයෙන් සිද්ධ කෙරන පරිසර විනාශය.

මේවා මේ විදියට සිද්ධවෙමින් මෙම සිදුවීම් ලෝකය හමුවට යන කොට ලෝකයා අපේ රට දිහා මොන විදියට බලයිද? රටේ පාලකයන් ගැන මොනවා කියයිද?’’ යැයි රටේ මේ දිනවල වැඩි කතාබහට ලක්වෙන වන විනාශය පිළිබද දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ එසේ ප්‍රකාශ කළේය. මේ ආණ්ඩුව පත්වෙන කොට රටේ ජනතාවට ලොකු විශ්වාසයක් තිබ්බා පත්වෙන ජනාධිපතිට පමණයි රට ගොඩ ගන්න පුළුවන් කමක් තියෙනවානම් තියෙන්නේ කියලා. එහෙම විශ්වාස කරලා තමයි මිනිස්සු ඡන්දය දීලා එතුමාව පත් කර ගත්තෙත්. හැබැයි මේ කාලය වන විට මේ සිද්ධවෙමින් යමින් තියෙන විනාශය ගැන ජනාධිපතිතුමන්ම කතා කරනවා මම දැක්කා අක්කර 2000 -3000ක් පරිසර විනාශ වෙනකම් මේක බලන් හිටියේ මොකද එක ගහක් දෙකක් කැපෙන කොට නතර කර ගන්න බැරි වුණාද කියලා ජනාධිපතිතුමන්ම ප්‍රශ්න කරනවා.

පසුගිය කාලයේ වල්සපුගල ගම්මානයේ විරෝධතාවයක් පටන් ගත්තා. මේ වෙනකොට දින 58 කට අධික කාලයක් තිස්සේ ඒ අයගේ ඉල්ලීම් ඉල්ලලා විරෝධතාවයේ නියැළෙනවා. මේ වනතුරු ඒ පිරිසට කිසිවෙක් හරි උත්තරයක් දීලා නෑ. හැබැයි ඒ විරෝධතාවයේ නියැළෙන අය ඉල්ලන්නේ අපට ඉඩම් දෙන්න කියලවත් අපට කැලෑ දෙන්න කියලාවත් නෙවෙයි. ඒ අයගේ ඉල්ලීම්වලත් සාධාරණයක් තියෙනවා. අද වෙනකොට රට වටේම වන අලින්ගෙන් මිනිසුන්ට සිද්ධවෙන පීඩා වැඩිවෙලා තියෙනවා. මහියංගණයට ඇවිත් මහවැලි ගඟදිහා බැලුවොත් ඕනෑම වෙලාවක අලි 15ක් 20ක් ඉන්නවා. මේ වගේ වන අලි ගම්වදින්න හේතු තියෙනවා. ඒ සතුන්ගේ වාසභූමි මිනිස්සු විසින් අත්පත් කර ගැනීම තමයි ඒකට ප්‍රධානම හේතුව. මේවා මෙහෙම වෙනකොට සිද්ධවෙන්නේ ලොකු විනාශයක්. ආණ්ඩුව විසින් මිනිස්සු ගැන හොයා බලනවා වාගෙම කැලෑවේ ජීවත් වෙන සතා සිවුපාවා ගැනත් හොයලා බලලා ආරක්ෂා කර ගන්න වැඩපිළිවෙළකට යන්න ඕන. ඒ තැනට තමයි වනජීවී දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙන්නේ. හැබැයි එහෙම කියලා දෙපාර්තමේන්තුවක් තිබුණාට කැලෑව ආරක්ෂා වෙන්නේ නෑනේ? කවුරු හරි එළිපෙහෙළියට යන්න කැලෑවක් කොටසක් ආරක්ෂා කරගෙන හිටියොත් ඒ කැලෑ කොටස ආරක්ෂා කර ගන්න නීතිය ක්‍රියත්මක වෙනවා.

– aruna

15,248 views

7 Comments to “පාලකයන් ගැන තිබූ විශ්වාසය බිඳිලා.. ලොකු අප්‍රසාදයක් ඇතිවෙලා… කොරෝනාට වඩා විශාල පරිසර විනාශයක් වෙනවා..”

  1. Game Changer says:

    වන්නිලා ඇත්තනී දුනු ඊතල කෙටේරි අරගෙන මුන්ව පන්නා දමමු.අපිත් ඔබ සමග එකතු වෙන්නම්.
    ඔබට ඇති බුද්ධිය නායකත්වය සදාචාරය දැන් ඉන්න මහ හූරාට නෑ.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      මහ හූරා ඇත්තෝ…. ඔතන වෙන්නේ සමාජවාදී විප්ලවයක්.
      තණකොළ ගස් වලට කොච්චර වතුර, පොහොර දැම්මත් මහා ගස් තරම් උස යන්නේ නැති නිසා, මහා ගස් ටික තණකොළ ගස් වල ගානට කපල දාන සමාජවාදී විප්ලවයක් සිදු වෙමින් පවතින්නේ. හූරා කලබල වෙන්න අවශ්‍ය නෑ.

  2. දිනේෂ් ගයාන් ඩුබායි says:

    ඔය හූරත් මුරලිල ඇත්තො වගේ ආණ්ඩුව එක්ක ඩීල් පොජ්ජක් දාල අක්කර දාහක් දෙදාහක් මන්දො කර ගත්ත නම් මහ හූර ලව්ව ගම සමග පිළිසදර පොජ්ජක් දාගෙන වටේ තියෙන රූස්ස ගස් පොජ්ජවල් මොරටුවට මන්දො කරල කාසි පොජ්ජක් පතබා ගත්තනම් දේසප්‍රේමී හූරෙක් වෙලා බයියොන්ගෙන් වැදුම් පොජ්ජත් මන්දො කර ගන්නව

    • Asela says:

      Anna kathaawa Dinesh hooraa….! Maha hiorawa maattu kara gaththa nam e aththo thope gamatama mando karalaa serama gas pojjawal kapala. Diyunu karayi….! Neda

    • වන්නිලැ ඇත්තෝ says:

      වන්නියේ ඇත්තොලාට ඉන්නවා මහ හූරා.
      සිදාදියේ ඇත්තොලාට ඉන්නවා රට හූරා…රට හූරන් කාලා ඒරොප්පෙට මංගච්චන්නද හිතාන ඉන්නේ තොපි?

  3. රන්වල says:

    ඔබතුමාට එහෙම උනාට බයියොන්ට එහෙම නෑ.උන්ට කාන්තාරෙක ආස්වාදය ලබන්න ඔක්සිජන් ටැන්කියක් පිටේ බැදන් යන්න බොන්න වතුර බිදක් නැතුව ඉන්න මාර ආසාවක් තියෙන්නෙ ඒ නිසා කපන කපන ගහක් වෙනුවෙන් කපන කපන කැලයක් වෙනුවෙන් උන් හුරේ දමනව අනුමත කරනව

  4. On The Spot says:

    රටේ පාලනයට සුදුසුම පුද්ගලයා වන්නිය ලැත්තන් බව අවිවාදයෙන් යුතුව පිලිගත යුතුයි.

Main News