පාලකයන් දැහැමිකම පැත්තකට දමා කිසි ලැජ්ජා බයක් නැතිව හැසිරෙනවා.. අසත් පුරුෂයන් පිරිසකට වගකිම් ගිය විට සිදු වන්නෙ මහ විනාශයක්..
June 18, 2018 at 6:31 am | lanka C news
යහපත් සමාජයක් ගොඩ නැගීමට නම් පාලකයන් දැහැමි ප්රතිපත්තියක පිහිටා ක්රියා කළ යුතු බවත් අද වන විට ඔවුන් දැහැමිකම පැත්තකට දමා කිසිදු ලැජ්ජා බයක් නොමැතිව හැසිරෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .
මේ තත්වය මත මිනිස් කමින් පෝෂිත ජන සමාජයක් සකසා ගැනීමමට නම් පළමුව පාලකයන් ඇතුලු රටට හානි කර ලෙස හැසිරෙන දේශපාලකයන් වෙනුවෙන් වැඩි හිටි දහම් පාසලක් ආරම්භ කර හෝ ඔවුන්ට යහ මග පෙන්වා දිය යුතුව ඇතැයි ද ඒ මහතා සදහන් කළේය .
හෙට්ටිගේ මහතා එසේ කිවේ අකුරැස්ස හේනේගම පරගහවත්ත ශ්රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉදි කළ නව දාන ශාලාව සඟ සතු කොට පූජා කිරීම නිමිත්තෙන් පැවති පිං කමේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .
එහිදී ඒ මහතා මෙසේද කිවේය .
අපේ රටේ බෞද්ධ ජනතාව ජනගහනයෙන් සියයට 70 ට වැඩියි .විහාරස්ථාන 8873 යි .භික්ෂුන් වහන්සේලා 15000 කට වැඩි පිරිසක් සිටිනවා .බෞද්ධ සංස්කෘතිය තමයි අපේ රටේ පදනම .අද පහර වදින්නෙම එතැනට .රටක සමාජයක ඉහළ තැන් ආදර්ශමත් වෙන්න ඕනෑ .අද එහෙම දෙයක් නෑ .බෞද්ධ කමට හානි වෙන කොට බෞද්ධගේ පැත්තෙන් එන හඩ දුර්වල වෙලා .පාලකයන් ඒ හඩ ගනන් ගන්නේ නෑ .එහෙම වට පිටාවක කතෝලික ආගමේ ලංකාවේ ප්රධාන තැන දරන කොළබ අග රද ගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ද කියා සිටයේ බටහිරයන්ට ඕන විදියට අප රටේ බෞද්ධයන්ට හානි කරන්නට ඉඩ දෙන්නෙ නෑ කියල .බුදු දහමට ආණ්ඩු ක්රම ව්යවථාවෙන් දී තිබෙන ආරක්ෂාව ඉවත් කරන්න ඉඩ දෙන්නෙත් නෑ කියල උන් වහන්සේ හඩ නගල කිවේ තේරුමක් ඇතිවයි . අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න ඕන පාලකයන්ට එය පෙන්වා දීම ගැන . දැන් රටම අවුල් ජාලාවක් වෙලා .
මොන තරම් මේ රටේ බණ කියනවද ?මොන තරම් බණ අහනවද ?ඒත් රට කොතැනටද මේ යමින් තිබෙන්නේ .ඉහළින් ගලා එන දිය පහර අපිරිසිදුනම් දිගටම එන්නෙ අපිරිසිදු ජලයයි .රටේ පාලනයේත් ඉහළ තැන් අවුල් නම් සමාජයම අවුල් වෙනවා .පිළිවෙලක් නැති වෙනවා .එදා මහින්ද රාජපක්ෂ මහත්තය ජනාධිපති කාලෙ අරලිය ගහ මන්දිරයෙන් ජනාධිපති මන්දිරයෙන් නිසි වෙලාවට බණ පිරිත් ඇසුණා .එදා බෞද්ධ ප්රබෝධය රට පුරා පැතිරී ගියා .මුදුනේ ක්රියා කාරිත්වය පහළට බලපාන්නෙ ඒ විදියටයි .
අද මොන තරම් බොරුවෙන් හොර කමෙන්ද රට පවතින්නෙ .මේ වගේ පන්සිල් කඩ කරන පාලකයන් ඉන්න ආණ්ඩුවක් අපි අහල නෑ .අසත් පුරුෂයන් පිටිසකට වගකිම් ගිය විට සිදු වන්නෙ ලොකු විනාශයක් .කරුණාව ,සෙනෙහස ,ලෙන්ගතු කම නැති ජිවිත වලින් වැඩක් නෑ .යන්ත්රයක ගැටීම් හා අමිහිරි හඩ නතර කරන්න තෙල් පිටින් ගෙනත් දැම්මත් පුද්ගලයන් අතර ගැටීම් නවත්වන්න සෙනෙහස ආදරය පිටතින් ගන්න බැහැ .ඒ ගැන ඊ .ඩබ්ලිව් .අධිකාරම් තුමා පැහැදිළි කළා .අද රට ගොඩ ගන්න බැරි තැනට පත් වේගෙන ඇවිත් .අනාරක්ෂිත සමාජයක අපට ඉන්න සිද්ධ වෙලා .පාලකයන්ගෙන් ඇසෙන්නේ කයිවාරු විතරයි .රටත් විනාශ කරමින් තමනුත් විනාශය කරා යන බව තේරුම් ගන්න නුවණක් නැති බවයි පේන්නෙ
This is ture. We need to change political administrative mechanism.
Of course, you may be born after January 2015. Because the previous government did things even worse than this.
හත් දෙයියනේ ඇයි එහේම කියන්නෙ, ඇයි අපේ සුචරිත “පාල” පතියා හොඳ නැද්ද,, ඔහුගේ දර්ම සියලු සන්ස්කාර දර්මයෝ අමතක වන සුලු නිසා මිනිහා සුචරිතලු.
දේශපාළුවන් උන් එක එකාගෙන් වෙනස් වන්නේ නම් වලින් පාටෙන් හා පක්ෂවලින් පමනයි.
වැඩ වලින් මුන් කොයි එකත් එකයි…
තමුන්ලට බලය තියෙද්දි ඔය විදියට වැඩ කලාද. ඕවට තමයි වැදි බන කියන්නෙ.
හොද මිනිසුන් වෙත ඊර්ෂ්යාව පතුරනවට වඩා තමන් හද දෙයක් කරනම් වටිනවා..
රෙජිම පාලන කාලෙ පස්පවින් වැලකුනු දැහැමි අතීතය මේ මිනිස්සුන්ට මතක නෑ.දැන් පාලකයො හරි සවුත්තුයි.ඒ කාලෙ සුදුවෑන් සංස්කෘතිය ගෙනත් ප්රානඝාතය නොකර හරිම දැහැමිව රට පාලනය කලා.මහජන දේපල කොල්ල නොකා (CSN නාලිකාව) හරිම දැහැමිව ඩේසි ආච්චිගෙ මැණික් මල්ලෙන් ලැබුනු ආදායමෙන් ජීවත්වුනා. කාමයෙහි වරදවා නොහැසිරී යසාරා මැතිනිය ගලවාගන්න වසීම් දැහැමින් සෙමෙන් රිය අනතුරක මුවාවෙන් චුත කලා. කට අරින අරින ගානට අපෙ හාමුදුරුවනේ කිය කියා මහනාහිමි විරෝධතා මැද දළදාව අබියස නයිට් රේස් පැද්දා. කසිප්පු ජොනී හා එතනෝල් වසන්ත එක්ක දැහැමිව රට සුරාවෙන් ස්වයංපෝෂිත කලා.මතකයි නේද ඔයාලට?
eda kala kiyana wardata thawama pama kima danuwama…………..