පාලකයන් හැසිරෙන්නේ බුදු දහමේ පදනමට නොගැලපෙන ලෙසයි.. රටටම ඛේදනීය ඉරණමක්..

May 3, 2018 at 12:40 pm | lanka C news
පාලකයන් හැසිරෙන්නේ බුදු දහමේ පදනමට නොගැලපෙන ලෙසයි.. රටටම ඛේදනීය ඉරණමක්..

පාලකයන් බුදු දහමේ පදනමට නොගැලපෙන ලෙස හැසිරීම නිසා රටටම ඛේදනීය ඉරණමකට මුහුණ දීමට සිදුවී ඇති බවත් පාලන තන්ත්‍රයේ ඉහළ සිට පහළ දක්වා පෙනෙන්නට තිබෙන බරපතල අවුල දැහැමි සමාජයක් ගොඩ නගා ගැනීමට බාධකයක් වී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය.

ඒ මහතා එසේ කිවේ වෙසක් පොහොය නිමිත්තෙන් මාතර මහ නගර සභා පරිශ්‍රයේ පැවති බත් දන්සල ආරම්භ කිරීමට පෙර පැමිණ සිටි පිරිස අමතමිනි.

මාතර නගරාධිපති රංජිත් යසරත්න නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ යන මහත්වරුන් ඇතුලු කාර්ය මණ්ඩලය මෙම දන්සල සංවිධානය කර තිබිණි.

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය.

‘මෙවර වෙසක් පොහෝ දිනය ගැනත් මත භේදයක් මතු වුණා. රටේ හැම තැනම පේන්න තියෙන්නෙ අවුලක්. දැහැමිකම තුරන් වෙලාගිහින්. බුදු දහමේ පදනමට පටහැනිව පාලන තන්ත්‍රයේ ඉහළ තැන් වල අය හැසිරෙනවා. එය පහළටම බලපාලා. ආත්මාර්ථය මත පදනම්ව බොහෝ දේ සිදු වෙනවා. ආගමික පසුබිමක් නැත්නම් සමාජය භයානක තැනක නවතින්නෙ.

එදා අපරාධ වල ස්වරුපයට වඩා අද වෙනස්. එය ම්ලේච්ඡත්වය දක්වා ඇවිත්. මේ භයානක තත්වයෙන් ගැලවෙන්න නම් බුදු දහම ජීවිතයට සම්බන්ධ කර ගන්න ඕන. සන්තාන ගත පරිවර්තනයක් සිදු විය යුතු කාලය පැමිණ තිබෙනවා. පරාර්ථකාමී සිතුවිලි සහිතව අප හැම දෙනාම කටයුතු කරන්නේ නම් එම පරිවර්තනය සිදු වීම ආරම්භ වේවි. විශේෂයෙන් පාලකයන් ද මෙය අවබෝධ කර ගන්න ඕනෑ. නැත්නම් අනාගතය තව තවත් අදුරටම වැටීම නතර කළ නොහැකි වෙනවා’

368 views
Main News