**** පාලකයෝ… නිවට දේශපාලඥයෝ..”- තනි විජේදාස එජාපයට සුන්ඩල් වෙන්නම නෙලා දමයි..[Video]

August 19, 2017 at 9:38 pm | lanka C news
**** පාලකයෝ… නිවට දේශපාලඥයෝ..”- තනි විජේදාස එජාපයට සුන්ඩල් වෙන්නම නෙලා දමයි..[Video]

තමන්ට එල්ල වෙන මේ චෝදනා පිළිබඳව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ සෙනසුරාදා (අගෝස්තු 19) ආවේගශීලීව සිය ප්‍රතිචාරය පළ කළේය.

ඒ රඹෑව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීය.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී අධිකරණ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

ඩෙංගු වසංගතය, රජරට ජනතාව පෙලන වකුගඩු රෝගය වැනි රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැටලුවලට පිළියම් යොදනු වෙනුවට සෞඛ්‍ය ඇමතිවරයා “පළිගනිමින් සිටින” බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහිදී දැඩි ස්වරයෙන් සඳහන් කළේය.

පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සහ ඉන් අනතුරුව කිහප වතාවක්ම රාජිත සේනාරත්න අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කර තිබුණි.

“දැන් එතුම තමයි නීතිපති දෙපාර්තමේන්තුව පාලනය කරන්න හදන්නේ. එතුමා තමයි අද අධිකරණය පාලනය කරන්න හදන්නේ. ඉතින් කොහෙද සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කොරන්න වෙලාවක් තියෙනවයි,” අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට සහ බුද්ධ ශාසනයට සිදු වූ “හිරිහැර සහ අසාධාරණ” සම්බන්ධයෙන් අදහස් පළකරන විට “ජාතිවාදීන්” සහ “ගෝත්‍රිකයන්” ලෙසින් විවේචන එල්ල කරන බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වැනි ජාතික සම්පත් රැකගැනීමේ අවශ්‍යතාව පෙන්වාදෙන විට ද එවැනිම චෝදනාවලට ලක්වීමට සිදුවෙන බවය.

“අපේ රටේ තිබුණු රුදුරු ත්‍රස්තවාදය අවසන් කරපු අපේ රණවිරුවෝ ටික ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ දාල පෝරකයට ගෙනයන්න දෙන්නේ නෑ කියල කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකය,” අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

“අධිකරණය ස්වාධීනව කටයුතු කරන්න ඕනයි කියන ස්ථාවරය ගන්න කොට, ඒකට දේශපාලන ඇගිලි ගැසීම් කරන්න එපයි කියන කොට අධිකරණ ඇමති ගෝත්‍රිකයා.”

“අධිරාජ්‍යවාදී වහල්ලු විදියට දීන මානසිකත්වයෙන් ගොඩ එන්න බැරිව ඉන්න නිවට දේශපාලනඥයන්,” ලෙසින් ඔහු විග්‍රහ කළ පිරිසක් ද එහිදී අධිකරණ ඇමතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන නමින් සඳහන් නොකළ නමුත්, “මට රකින්න බූදලයක් නැත, ඔටුනු පළඳින්න කුමාර කුමාරියන් නැත,” යන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය උපුටා දැක්වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, “ඒ සාපෙ තමයි අපි මේ ගෙවන්නේ,” යනුවෙන් ද සඳහන් කළේය.

“එහෙම හැඟීමක් නැති පාලකයෝ රට භාරගත්තම රට කාබාසිනියා වෙනවා.”

එවැනි “හැඟීමක් නැති පාලකයන්” සහ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉතා ආවේගශීලීව විවේචන එල්ල කළ නමුත් සිය ප්‍රකාශය ඇතුළත ඇමතිවරයා කිහිප වතාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රසංශාවට ලක් කළේය.

මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් ඇතුළු සිවිල් සමාජය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවා අනුමත කිරීමට ඉඩ තිබෙන බව ද විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පසුගියදා සඳහන් කළේය.

අමාත්‍ය රාජපක්ෂගේ පුත්‍රයෙක් ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධතා නිලධාරියෙකු ලෙසින් ජනාධිපතිවරයා යටතේ සේවය කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසින් විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අදාළ අමාත්‍ය පදවි සඳහා නිර්දේශ කරනු ලැබුවේ සහ රටේ ප්‍රධානම පදවි සම්බන්ධ තීන්දු ගන්නා ව්‍යවස්ථා සභාවේ සිය නියෝජිතයා වශයෙන් පත්කරනු ලැබුවේත් අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි.

ඒ පිළිබඳව කළ විමසීමකදී එජාප මන්ත්‍රී එස්එම් මරික්කාර් සඳහන් කළේ අධිකරණ ඇමතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එදා දැරූ ස්ථාවරය මේ මොහොතේ වෙනස් වී තිබිය හැකි බවය.

සෙනසුරාදා සිය අදහස් දැක්වීම අතරතුර දිගින් දිගටම ජනාධිපතිවරයා ප්‍රසංශාවට ලක් කළ නමුත්, අධිකරණ අමාත්‍යවරයා අගමැතිවරයා සම්බන්ධයෙන් නමින් කිසිදු සඳහනක් නොකළේය.

අධිකරණ සහ බුද්ධ ශාසන ඇමතිවරයාට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳව ඔවුන් දෙදෙනාම මෙතෙක් කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නැත.

– BBC

156 views

16 Comments to “**** පාලකයෝ… නිවට දේශපාලඥයෝ..”- තනි විජේදාස එජාපයට සුන්ඩල් වෙන්නම නෙලා දමයි..[Video]”

  1. බන්ඩය්යා says:

    “කොහේද ඔය කියන සිංහල රට තියෙන්නෙ” කියල ටිකකාලෙක ඉස්සෙල්ලා මාධ්‍ය සාකච්චාවකදි අහපු විජේදාස රාජපක්‍ෂ මේ වෙනකොට එක පාරටම දේස හිතේෂී බෞද්ධ හිතේෂි හෙලයෙක්, සිංහලයෙක් වෙලා. ප්‍රශ්ණෙ. මේවා සිරිසේන කලා වගේ අපිව අන්දලා රනිල්ට කඩේ යන්න කියන කතාද කියන එකය්. ඒ නිසා තමා අාප්ප සිරිසේන වගේ නෙවෙය් කියල ජනතාවට ඔප්පු කරන එක විජේදාසගෙ කාරියක්.

  2. wijepala says:

    Yana Yaka Korahat Bindagena Yawalu… Anna Kalin Hitapu horu Rotthakatama nadu ..

Main News