පාලනය නැති වුනු කැබ් රථය තිදරු මවක්, දියණියක් යට කරගෙන පොලීසියය කඩා වැදේ.. මව මියයයි.. දියණිය බරපතලයි…

February 5, 2020 at 6:48 pm | lanka C news
පාලනය නැති වුනු කැබ් රථය තිදරු මවක්, දියණියක් යට කරගෙන පොලීසියය කඩා වැදේ.. මව මියයයි.. දියණිය බරපතලයි…

වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අසල ඒ-9 ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් කැබ් රථයක් පාලනය කරගැනීමට නොහැකි වීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් කුඩා දැරියක් බරපතල තුවාල ලබා ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආසන්නයේ පිහිටි ඒ-9 ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් කැබ් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ පාපැදියකින් ගමන් ගත් මවක් හා දියණියක් යටකරගෙන නියේජ්‍ය පොලිස්පති කාර්යාල භූමියට කඩා වැද ඇත.

එහිදී බරපතල තුවාල ලැබූ මව හා දියණිය දෙදෙනාගෙන් මව මිය ගොස් ඇති අතර දියණියගේ තත්වයද බරපතල බවට රෝහල් වෛද්‍යවරුන් පවසා ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ වව්නියාව නගරයේ පදිංචි අවුරුදු 36 ක් වයසැති එස්.පුෂපරාණි නැමති තිදරු මවකි.

අනතුරින් පසුව කැබ්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වව්නියාව පොලීසියෙන් වැඩි දුර පරික්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

27,740 Viewers

3 Comments to “පාලනය නැති වුනු කැබ් රථය තිදරු මවක්, දියණියක් යට කරගෙන පොලීසියය කඩා වැදේ.. මව මියයයි.. දියණිය බරපතලයි…”

  1. kkuruwita says:

    කාලකන්නි පවුකාර දේශපාලුවගෙ හෝ උගෙ නෑදෑයෙක් ගෙ හරි උගෙ හෙංචයියෙක්ගේ වාහනයක්ද කියා වහා සොයා බැලිය යුතුයි. දේශපාලුවගෙ උන වැඩිපුරම තියෙන්නේ උගෙ කටු කන එවුන් ලඟයි.

  2. Kaush says:

    Surely it’s because of speeding. When will people ever learn ???

  3. වරදට දඬුවම නියතයි says:

    ආලාපාලු සමීකරණය අනුව ආදේශ කල රියදුරෙක්ද, නිතිනම් ඔරිජිනල් රියදුරාමද අත් අඩංගුවේ ඉන්නේ.

Main News