පාලන මිල කැලේ.. නාඩු සහල් කිලෝව 95 පනී.. වෙලදුන් සහල් විකිණීම නවතති.. සහල් හිලය තවත් උග්රයි..
February 10, 2017 at 8:40 am | lanka C news
රජය විසින් ගැසට් කර ඇති මිලට සහල් වෙලදපලේ නැති බව රට පුරා බොහෝ පාරිෙඊා්ගලික ජනතාව චෝදනා කරති.
මේ වන විටත් නාඩු සහල් සහල් කිලෝග්රෑමක් අලෙවි වන්නේ රුපියල් 95-100ත් අතර මිලකටයි.
ගැසට් කර ඇති උපරිම සිල්ලර මිලට සහල් විකිණීමට නොහැකි බව පවසමින් ඇතැම් වෙළෙඳසැල් සහල් විකිණීම නතර කර ඇති අතර ඇතැම් වෙලද සැල් වසා දමා ඇත.
මේ අතර පාරිභෝගික කටයුතු අධිකාරිය පාලන මිලට වැඩියෙන් සහල් විකිණු ස්ථාන 27ක් වටලා ඇත.
රුපියල් 70 මිලට ආනයනික සහල් සතොස අලෙවිසල් වල විකිණීමට ඇතත් ඒවායේ දිගු පෝලිම්වල සිටිය යුතු අතර එක් පුද්ගලයෙකුට ලබා දෙන්නේ සහල් කිලෝ 5-10ක් පමණි.
මේ තත්වය මත රට පුරා සහල් හියක මතුව ඇති බව රට පුරා ආරංචි මාර්ග කියා සිටී.