පාලන මිල කැලේ.. සහල් තොග මිලත් පාලන මිලෙන් ඉහලට.. අලූත් අවුරුද්දට සහල් හිගයකුත් එයි..

March 29, 2017 at 12:40 pm | lanka C news
පාලන මිල කැලේ.. සහල් තොග මිලත් පාලන මිලෙන් ඉහලට.. අලූත් අවුරුද්දට සහල් හිගයකුත් එයි..

රජය විසින් සහල් සදහා පනවන ලද පාලන මිල සීමාවන් ඉදිරි අවුරුදු සමයේ ඉක්මවා යාමේ තත්වයක් මතුව ඇති බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපතිවරයා පවසන්නේ සහල් පාලන මිල ඉක්වමා සහල් තොග මිලද ඉහල යාමේ තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

එසේම අවුරුදු සමයේදී සුදු කැකුළු හා නාඩු සහල්වල මිල වැඩිවීමක් මෙන්ම සහල් හිගයක්ද ඇතිවිය හැකි බවද සභාපති බී.කේ. රංජිත් පෙන්වා දෙයි.

46 views
Main News