පාලන මිල ගැසට් පත‍්‍රය කැලේ.. නම් කල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අහස උසට..

January 13, 2017 at 6:48 pm | lanka C news
පාලන මිල ගැසට් පත‍්‍රය කැලේ.. නම් කල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අහස උසට..

ආණ්ඩුව විසින් ජනතාවට සහන සැලසීමට යයි කියමින් දැනට මාස කිහිපයකට පෙර අත්‍යවශ්‍ය භාණ්ඩ 16කට උපරිම සිල්ලර මිලක් නියම කලත් අද වන විට එම භාණ්ඩවලද මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

2016 ජූලි 14 දා නිකුත් කළ ගැසට් පත‍්‍රයකින් සුදු සීනි කිලෝවක් රුපියල් 95ක උපරිම සිල්ලර මිලකට නම් කර තිබුනද අද සීනි කිලෝවක් රුපියල් 110-115 ක් දක්වා ඉල ගොස් ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.

මේ ආකාරයටම හාල්මැස්සන්, පරිප්පු,කඩල, මුං ඇට,කුකුළු මස් සහ ටින් කළ මාළු මිලද ඉහළ ගොස් තිබුනද කිසිදු වගකිව යුත්තෙක් මේ ගැන සොයාබැලීමක් හෝ සිදුනොකරන්නේ යයිද එම ව්‍යාපාරය කියයි.

28 views

4 Comments to “පාලන මිල ගැසට් පත‍්‍රය කැලේ.. නම් කල අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අහස උසට..”

  1. samayan kolamaa says:

    කැලේ.. ගම අහස උසට..?

  2. saradieal says:

    “තරුණයන්ට කැමති අලුත් ලෝකයක් හදනවා.. සාක්කු සල්ලිවලින් පුරවනවා” – අගමැති

  3. saradieal says:

    වැඩබැරි සේන – වැඩබැරි සිංහ තමන්ට වැඩබැහැ කියලා දැන් පෙන්වලා ඉවරයි.

  4. lion says:

    ඒකාබද්ධ විපක්‍ෂය වටා රොද බැඳගෙන මහා ජන බලයක් ගොඩනගන්න පෙරමුණ ගනිමු!

Main News